20
May

හැමදෙයෙහි නියමුවකු වී

    කාලීන ලිපි ලිපි ගොනුවෙහි සහන් විසින් සටහන් තබන ලදී.    

පාසල් සමයේ දී ඉගෙන ගන්නවාට අමතරව අප බොහෝ දෑ කළා. විවිධ සංගම් වල සාමාජිකත්වය දැරූ අතර එවායේ පෙරමුණ ගෙන ක්‍රියා කළා. විශේෂයෙන් ම අවුරුද්කට වරක් තිබෙන කථික උළෙල, ජන මධ්‍ය දිනය, කළා උළෙල, විද්‍ය දිනය ආදී උත්සව වලදී. ඉතිං ඔවයේ සංවිධාන කටයුතු වලට හුඟක් කාලය වැය වෙන අතර සාමාන්‍යයෙන් පාසල් කාලය තුලදී සිදු කිරීමට සිදු වෙනවා. ඔය වගේ උත්සව පැවැත්වෙන කාළ වලදී අපව පන්ති කාමරය තුල සොයා ගැනීම නම් අමාරුයි. පන්ති කාමරය තුල නොසිටීම නිසාම මා හට පන්ති භාර ගුරුතුමාගෙන් ලැබුණු බැණුම් අපමණ ය. ඒ නිසා මා ලියු පද වැලක් එවකට ජන මධ්‍ය දින සමරු කළඹෙහි පළ උනා. මෙය ලියා දැනට අවුරුදු දාහතරක් පමණ වෙනවා. පරණ කඩදාසියක ලියු මෙහි දින යොදා ඇත්තේ 1994.05.13 වන දා ය.

හැමදෙයෙහි නියමුවකු වී
පියවර මනින පෙරටම
පාසල් පන්තියේ නොරැ‍‍‍‍‍ඳෙන විටදී …
ඇදුරිඳුන් විරසක පෑ මුත්
මාපියන් උරණ වූ මුත්
අනඳ මෑණියනි …
ඒ ඔබට ‍බැඳි සෙනෙහසින්
ඔබේ නාමය දසත පතුරවා
ලෝ බබළවන්නට බව
පහදා දෙනු මැනවී …

එක් ප්‍රතිචාරයක් ඇත.

 1 

මට දැනෙන විදියට නම් ඉතා සංවේදී රසැයුමක්෴ තවම අනඳ සෙවණේ සිසිලස ලබන මගේ හදවතටම කතා කරන්න මේ අනගි නිසඳැස සමත් වුණා කීවොත් නිවැරදි යි෴ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හදවතට එබී බලන්නට ඉවහල් වන කැටපතක් බඳු වූ කැටපත් පවුරට ජයෙන් ජය! ඔබට අනඳ මව් සරණයි!

May 28th, 2008 at 4:18 am

ඔබත් අදහසක් එකතුකරන්න

You must be logged in to post a comment.