29
May

සටහනකට සටහනක්

    මට හිතෙන දේ ලිපි ගොනුවෙහි සහන් විසින් සටහන් තබන ලදී.    

තත්‍යානා සහ අමතකව ගිය කවිය මැයෙන් බෝදිනී සටහනක් ලියල තිබ්බ ඇගෙ “කවියට පෙම් බැඳ” නම් වියුණෙ. එයට මා එකතු කළ අදහස තවත් නිරවුල්ව ලියන්න ඕන කියල තමයි මේ සටහන කැටපත් පවුරට එක්වන්නෙ.

තිබ්බතීය මළ පොත ගැන ඔබ අසා ඇත්ද? ලංකාවෙ සිටිනා කාලය තුල මම එය කියවුයෙමි. ඇගේ නිසඳැසට පළමු ගද්‍ය පද වැල කියවන විට මට සිතට දැනුනේ තිබ්බතීය මළ පොතෙහි සදහන් දෑය. “මම මරණය කරා යමි. මා දන්නා පරිදි එය නිසැකවම මා අසල ඇත. වරෙක එය මගේ ඇඟිළි තුඩු වලට දැනේ, වරෙක එය මගේ එය ‍මගේ ඇට මිදුළු වලට දැනේ, වරෙක එය මගේ සිත සමග සක්මන් කරයි. වරෙක දුරිනුත් වරෙක ළඟිනුත් සිට එය මා සමග මගේ ගමන යයි.” සේකර නොමියෙමි හා පුබුද්ධ කාව්‍යනට ඇසුරු කර ගත්තේ එයයි. සේකරට මරණී රමණී විය. “සුදු පාවඩ මත, දවුල් තම්මැට්ටම් පෙරටු කොට ගෙන, නෑ සියන් මිතුරන් පිරිවරා ගෙන, සිව් දෙනෙකුගෙ කර මත හැමට උඩින් සිටිනා විට මරණය ජයග්‍රහණය කැයි මට සිතේ”. සේකර තව තැනක කියනව

“ඔබ මට සිහි වෙයි
දහසක් ගිලනුන් මිය ගිය මේ ඇඳ මත
නිසලව වැතිරී මම
ඔබ ගැන සිත සිතා ඉඳිමි

මෙය මැදියම් රැය විය හැක
විශ්වය නිශ්ශබ්දය
එකී නිහඬතාවය මැද
ගන නිල් කරුවල තුළ
යාන්තමින් කනට ඇසෙයි
කඳු මුදුනින් බැස ගෙන
මිටියාවත දිගේ ගලන
ඔබේ මිහිරි ගී රාවය

කවදාවත් නැති තරමට
මට ඔබ ආසන්නය
නිදිබර සුසුම් රොදක්
රහසක් මා කනට කියයි
සියුමාලි ඇඟිලි තුඩක්
මා ඇසි පිය සෙමෙන් සිඹියි

ඉවකින් මෙන් මට වැටහෙයි
උණුසුම් සුළඟක් සේ
පර මල් සුවඳක් සේ
ඔබ මා වට පිරී සිටියි

දැන් මට තනියක් නැත
නොගැයූ ගීතයක තනුවක් වී
නොහෙලූ කඳුළක සිහිලක් වී
නොපැතූ පැතුමක කළලක් වී
නොපෙනී ඔබ මා සමග සිටී

සැහැල්ලු සිත බරක් නොමැතිය
අනන්ත අපරිමාණ විශ්වය තුළ
සෙමෙන් සෙමෙන් විසිරී යන
පුළුන් වලා රොදක්මි මම
අනන්ත අපරිමාණ විශ්වය තුළ
ඔබත් මාත් දෙදෙනා හැර
වෙන අන් කිසිවෙක් නැත

සියළු දුක් අවසානයේ
සියළු සැප අවසානයේ
ජීවිතේ එක් වරක් පමණක් විඳින
පරමානන්දයකි මෙය”.

නොමියෙමි හි සේකර මරණය ගැන ඉතා සියුම්ව ස්පර්ශ කර ඇත. නිතර මරණය සමග සිටින අප සොඳුරු කවක් සේ එය ගැන සිතීමට හැකි නම් කොපමණ අගේද? සේකර සියළු දෙ හරසුන් ය, අසාර ය, අස්ථිර ය කියා ලොප් වී නැත. අපට ඉගෙන ගත හැකි දෑ බොහෝයි. කවිය කවි කම තුලම කවි කල යුතුය.

“මළ හිරු බසිනා සැන්ඳෑ යාමේ – ඔබ‍ ගෙන් සමු ගන්නම්
අඳුරට ඉඩදී අඳුරේ සැඟවී – ඔබ ගෙන් වෙන් වී මම යන්නම්

සුළ‍ටඟේ දැවටී ඔබට හොරෙන් – මම ඔබ වෙත එන්නම්
සියුමැළි දෑතින් ඔබ හිස අත ගා – ඔබ නිදි කරවා මම යන්නම්

අළුයම පිබිදෙන ඔබගේ දෑසේ – මල් පෙති අග පිණි කඳුලකි රඳවා
සුසුමක් වාගේ ඉන් පිටවී – ඔබ ගෙන් වෙන් වී මම යන්නම්”

කඨෝර වූ යථාර්ථය ලියූවත් එහි සොඳුරු බව බිඳකුදු නොඅඩුව සේකරගෙ පන්හිදෙන් වැහුනා. නොමියෙමි ත්, ප්‍රබුද්ධත් එයට සාක්ෂි දරයි. අසාර බව අවබෝධ වූ නිසා ඔහු සිතිවිලි වලට නැවතීමේ සිත තැබුවේ නැත.

“පරවුණු මල් සුවඳ අතීතේ
පරසතු මල් ලඟ විසිර ගියාවේ
දුවගේ මුවින් එන කැකුළු සිනාවේ
එළිය මැදින් හෙ‍ට දවස උදාවේ”

(උපුටා ගැනීම් වල යම් දොසක් ඇතොත් කමන්න, අද මා ළඟ සේකරත්, මළ පොතත් නැත)

මේ කරන සියල්ලෙහි හරසුන් බවක් දැනෙනවා, යම් දිනෙක, මේ සියලු දේත් නවතිනවා, එතෙක් අපි මේ කරන්නේ කුමක්ද? මේ මගේ සිතුවිලි කුමටද?” බෝදිනී තැබු සටහනට මම යමක් එක් කරන්න කැමතී. මතක තියාගන්න සේකරට මරණී රමණී වූ බව. දෛවයේ සරදමක් දෝ ඔහු ‍මිය යන්නට පළමු දා රාත්‍රියෙහි කියවා ඇත්තේ තිබ්බතීය මළ පොතයි. නෙමියෙමි හි සියල්ලේ හරය දකින අතර ප්‍රබුද්ධ හි ඔහු ‍ඒ සියල්ල ඉක්මවා යයි. “වරෙක දුරිනුත් වරෙක ළඟිනුත් සිට මරණය මා සමග මගේ ගමන යයි”. මා වරෙක ලියු නිසඳසක් මට මතකයි. එය දළ අදහස මෙයයි. “මා පෘථිවියෙන් පිටත අවකාශයට යයි. මට ඉතා විසිතුරු චමත්කාර දර්ශණයක් දක්නට ලැබේ. සහසක් තරු වැල්, මණ්දාකිණි වලින් සමන්විත ඒ දසුණ මන බදී. මම මා ළඟම සිට ඈත අවකාශයේ තරුවක් ඉපිද දැල්වී නිවී යන අයුරු (මියෙන අයුරු) නැරඹුවෙමි. අස්ථිර, අසාර වූ දෙයකින් ‍සුන්දරත්වයක් සොඳුර බවක් දැකිය හැකිනම් එය තුල කවි කම උපදී”.


ජීවිතය තරමටම අස්ථිර
මරණය තරමටම ස්ථිර
තවත් මොනවාද ඉතිරි
“අද”
ඇයි මතකය
ඔව්! ඇත්තමයි,
සේපාලිකා මල් ගොලේ
අදත් මල් පිපිල.

©සහන්

ප්‍රතිචාර 7 ක් ඇත.

 1 

හරිම සංවේදි සටහනක්. සාහිත්‍යය, ජීවිතයේ යතාර්තය මොහොතකට අප අබියසට ගෙන ආ බව කිව යුතුයි.

May 29th, 2008 at 1:11 am
සිතුවිලි
 2 

තව මොනවා කියන්නද? සටහන හරිම අගෙයි. ඒ වගේම මරණය රමණීය ලෙස අත්විදින්න යැයි ඇරයුම් කල සේකරයන්ට වගේම ඔබටත් ස්තූතියි.

May 29th, 2008 at 4:27 am
 3 

තිබ්බත‍යේ මළ පොත මා සතුවත් තිබෙනවා. එයට ඇළුම් කළේ ඇයිදැයි මා දන්නේත් නෑ. යම් අවිඥානික හැඟීමකින් එය මිලදී ගන්නට ඇති. “කොකොරො” සහ “මළවුන්ගේ අවුරුදු දා” මළගිය ඇත්තෝ”ත් මට සිහිවෙනවා මෙය කියවද්දී…
සිරි ගුණසිංහයන් කිව්වෙ ..
“මරණය නොසැලී හිමාලයක් මෙන්
ඔබ ළඟම සිටී”……කියලයි….

” මං මැරුණයි කියල කවුද
ඔය හැටි දුක් වෙන්න ඉන්නෙ.
පිටිපස්සේ කඳු ගැටයේ
රැහැයියො නම් ඔහෙ හඬාවි

යන එන අය රබරෝසිය
මලක් වීසි කරල යාවි.
….
….

“ඉක්මණින්ම නැවත එතොත්..මළවුන්ගේ අවුරුදු දා……මටත් නැවත එන්නට හැකි…මළගිය ඇත්තන් කැටුවම….”

ඔව්.. යළි ආ හැක්කේ ගියහොත් පමණි.
නොගියොත් නැවත ඒමක් ද නැත.

මේ සටහන මා යළි අවදි කරවයි. ඔබට ජය !

-මළ නොමළ බෙදුම් ඉර දියව ගිය අවකාශයක..මම

May 29th, 2008 at 12:30 pm
 4 

සටහනකට සටහනක් එකතු වී ඇති වග දුටු විට බොහෝ තුටු විනි සිත, සෞන්දර්‍යය අත්විඳින සොඳුරු මානවයින් මානවිකාවන් තවමත් මේ පොළව මත්තේ සිටින වග වැටහිනි. මරණය මටනම් රමණීය නොවේ..රෝහල් කොරිඩෝවේ කුළුණු බදා මරණය හමුවේ වැලපෙන දනන් ගේ හැඩුම් සවන්පත් වලට දැනෙද්දී , අවසාන හුස්ම පොද අතැර යන්නට නොහැකිව හෙම්බත්ව බට, නල මගින් හුස්ම ගනිමින් සිටින නොවක් මිනිසුන් දකිද්දී මට නම් මරණය රමණීය නොවේ. මරණය තවත් ජීවිතයක ආරම්භයම පමණකැයි මට සිතේ. එහෙත් ඔබේ සටහන මසිත තවත් ලියන්නට පණගන්වයි. හුදෙකලා නොවූ බවක් වටහා දෙයි. ස්තූතියි සහන් හෙවත් අමරසර මහතාණෙනි. අපි දිගටම ලියමු !

May 31st, 2008 at 5:45 am
 5 

තිබ්බතයේ මළ පොත හොයා ගන්න පුලුවන් තැනක් මට කරුනෞකරල කියනවද?

May 31st, 2008 at 1:20 pm
Pradi
 6 

‍කෙතරම අග‍නේය වූ සටහනක් ද … තවත් ‍මොනවා ලියන්නද …
නමුත්…
මරණී රමණී වූ ‍‍ෙස්කරයන්‍‍ ‍තවත් තැ‍‍‍නෙක කුරුටු ගෑ කවක් මතකයට නැගුනු නිසා සටහනක් තබන්නට හිතුනා මට. මා මතකය නිවැරද නම් ‍ මරණය ලෙසමයි ‍‍ෙස්කරයන්‍‍ ‍මෙය ‍සටහන් කර තිබු‍නේ …
‍ව‍ළේ වැටුණු කල නැත ‍‍ගොඩ අදින්‍‍‍‍නේ
කු‍ලේ සැ‍වොම වළ වටකර නටන්‍‍‍‍නේ
ව‍ළේ දමා පස් තද කර අඩන්‍‍‍‍නේ
ම‍ලේ ඵවිට හිනැහෙන්නට ව‍රෙන්‍‍‍‍නේ

ඇත්තටම මේ මරණයද ජීවිතයද ….?

හරිම අගෙයි සහන් අයි‍‍යේ…

June 3rd, 2008 at 12:09 pm
aruna
 7 

Sahan, mea satahana hondai.. eath… sekara marnaya gana witharak nemi wenath boho dewal gana katha kala kenek. mata therena widihata maranaya gana hondatama katha kale mahacharya sarath chandra… ohuge malagiya aththo… saha…mlaunge awurudu da… sekarage kaawya sangra welata wada ohu geetha rachakayaku les giya dura wedi… kawuru monawa keewath mama ‘prabudda’ potha saarthaka kiya piliganna suudanam naha mokada eake anthargatha ekka mata prashnyak naha.. saarthakai eath eaka kaviya huru minisakuge nirmanayak kiyala kiyanne kohomada.. patan gannema
“tak tak tak..
kawuda kauda..
aluth dawasak…”
sekara wage nirmana sheeliyakugen meahema pada galapeemak hithaganna amarui..
mea wage gadya nirmanayata huru awastha ematai “prabudda” pothe.
eath geetha rachakayeku lesa seekara amaraneeyayi…mata mathakai ohuge eka geeyak…
“wasanthaye mal kekula nela…
oba ma dothata genena thura…
maga balamin mama sitiya…
soduru wasanthe gewana thura…”
balu bellmata meaka apahadil kathawak… eath mea kiyanne… sekara ganama thamai… sekara kasada bande godak parakku wela… eaka thamai mea kiyanne… ealanga pada peliya mathakada..
“Oba atha radi mala eakineka paravee…
sulage visirenu maa dutuwa…
……
ea mal atharin obage ruwa ma dutuwa…”
mea ohuge brinda gana…
mama mea geethaya therun aran goda kalekata passe sekara mahathmiya dakke… hariyata hari… mama therun gaththa dea… seakara kiwwa vidihatama….

mata prashnayak thiyenawa… sekara.. kaviyek geetharachkayek wagema chithra shilpiyek… eath sekarage chira gna monawath danaganna naha…. kiyanneth naha… ea aie..?

June 15th, 2008 at 10:36 am

ඔබත් අදහසක් එකතුකරන්න

You must be logged in to post a comment.