The Way I See It #280
බොහොම මහන්සි වෙලා වැඩ කරන අතරෙ කෝපි එකක් බොන්න ඕන කියල ‘Starbucks’ එකට ගියා. එහි නා නා මාදිලියේ කෝපි වර්ග තියෙනවා. මම වඩාත් කැමති ‘Café Latté’ කියන කෝපි එකට. ස්ටා’බක්ස් එකේ කෝපි දාලා දෙන්නෙ අපූරුවට හදපු කඩදහි කෝප්පයක. ප්ලාස්ටික් හෝ රිජීෆෝම් කෝප්ප වල එහෙම නං නෙමේ. ඉඳල හිටල ස්ටා’බක්ස් එකෙන් කෝපි එකක් බිව්වට අර කඩදහි වලින් හදපු කෝපි කෝප්පය ගැන වැඩි සැලකිල්ලක් දැක්වුවෙ නෑ. අද මට හිතුන කෝප්පයෙ මොනාද තියෙන්නෙ කියල බලන්න. එහි අපූරු අදහසක් මුද්‍රණය කරල තිබුනා. ‘The Way I See It’ කියල ලියල තිබ්බ එය 280 වැනි අදහස. මම හිතන්නෙ එක එක කෝප්ප වල වෙනස් දෑ තමයි මුද්‍රණය කරල තියෙන්නෙ. ජෝන් මෝ (John Moe) කියන ගත් කතුවරයෙක්ගෙ තමා මෙම අදහස. ආයෙ දවසක කෝපි එකක් බ්ව්වාම කියන්නංකො ඒකෙ ලියලා තිබ්බෙ මොනවද කියල.
You can learn a lot more from
listening than you can from talking.
Find someone with whom you
don’t agree in the slightest and ask
them to explain themselves at length.
Then take a seat, shut your mouth,
and don’t argue back.
It’s physically impossible to
listen with your mouth open.
John Moe
Radio host and author of Conservatize Me
.
[ad#referrals-box]



ප්‍රතිචාර 4 ක් ඇත.
ඔබත් අදහසක් එකතුකරන්න
You must be logged in to post a comment.