28
May

ටස්කලූසා වල රතු ඉන්දියානුවෝ

    කාලීන ලිපි ලිපි ගොනුවෙහි සහන් විසින් සටහන් තබන ලදී.    

සති දෙකකට උඩදි ඇලබාමා ප්‍රාන්තයේ ටස්කලූසා කියන නගරයට ගියා සමුළුවකට සහභාගි වෙන්න. ඉතිං ඒක ඉවර වෙල ගියා වට පිටාව බලන්න. ටස්කලූසා කියන නගරයට සැතපුම් පහළොවක් පමණ දකුණින් තියෙනව රතු ඉන්දියානුවන්ගෙ එහෙම නැත්නම් ස්වදේශික ඇමරිකානුවන්ගෙ සංරක්ෂණය කරන ලද ජනාවසයක්. දැන් එහි රතු ඉන්දියානුවන් නැති උනත් ඔවුන් ගේ වාස භූමි සංරක්ෂණය කරල තියෙනවා. ඔය ටස්කලූසා වල ඉන්නව අපි දන්නා අඳුනන ලංකාවෙ මිත්‍රයෙක්. ඔහු තමා මේ ගමනට අනුග්‍රහය දැක්වුවේ. ස්වදේශික ඇමරිකානුවන්ගෙ මෙම සංරක්ෂිත වාස භූමිය තියෙන ප්‍රදේශයට කියන්නෙ මවුන්ඩ්විල්, ඇලබාමා කියලයි.

ඇලබාමා ප්‍රාන්තය තියෙන්නෙ ඇ. එ. ජ. හි දකුණට වන්නටය. උතුරින් ටෙන්නිසී ප්‍රාන්තයත්, නැගෙනහිරින් ‍ජෝ’ජියා ප්‍රාන්තයත්, දකුණින් Gulf of Mexico යනුවෙන් හඳුන්වන කුඩා මුහුදු තීරුවකුත් ‍ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කොටසකුත් පිහිටා තිබේ. ඇලබාමා ප්‍රාන්තයේ බටහිර මායිම වන්නේ මිසිසිපි ප්‍රාන්තයයි. මිසිසිපි වලට එම නම ලැබුනා සේම ඇලබාමා වලටද එම නම ලැබි ඇත්තේ රතු ඉන්දියානුවන් ගෙන්ය. ඇලබාමා යන්නෙහි තේරුම රතු ඉන්දියානු බසින් “බෙහෙත් සඳහා ගස් කපන ප්‍රදේශය” යන අදහස වන අතර ප්‍රාන්තය හරහා ගලා යන ගඟද එම නමින්ම හැඳින්වේ. ඇලබාමා ප්‍රාන්තයේ උතුරු කොටස ඇපලාචියන් කඳු වලට අයත් වේ. සරත් කාලයට ඇලබාමා කඳුකරය අශ්‍රිත පෙදෙස අතිශය චමත්කාරය. ගිය ගිම්හාන කාලයේ මා ඇපලාචියන් කඳු අතර ප්‍රාන්ත කිහිපයක සැරිසැරුවා. මේ ඇමරිකාවේ කාර්මික වශයෙන් දියුණු උතුරට වන්නට ඇති ප්‍රාන්තය. කෘෂිකාර්මික වටා පිටාවක් ඇත්තේ දකුණෙහි ය. උතුරෙහි අය දකුණෙහි අය සමච්චලයට ලක්කරන්නේ “in south, where sushi is still called bait” කියාය.

මා නරඹන්නට ගිය ස්වදේශික ඇමරිකානුවන්ගෙ සංරක්ෂිත ජනාවසය පිහිටා ඇත්තේ ගං ඉවුරක් ඇශ්‍රිතව වන අතර අක්කර 320ක භූමි භාගයක් අයත් වෙනවා. මෙය මා මින් පෙර දැක ඇති රතු ඉන්දියානුවන් ගේ සංරක්ෂිත ජනාවස වලට වඩා විශේෂත්වයක් උසුලයි. මෙම ස්වදේශිකයන් ඔවුන්ගේ නිවාස තනා ඇත්තේ සමතලා බිමක ඔවුන් විසින් කෘත්‍රිමව තනා ගන්නා ලද කුඩා කඳු ගැට වලය. මෙහි එවන් කඳු ගැට 26ක් පමණ තිබේ. ස්ථායට ඇතුළුවන තැන ඇති විස්තරයේ සඳහන් පරිදි මෙම කුඩා කදු ගැට රතු ඉන්දියානුවන් විසින්ම ගං ඉවුරෙන් මැටි හා ගල් බොරළු ගෙනවිත් අතින්ම සෑදූ ඒවාය. මෙම ස්වදේශික රතු ඉන්දියානුවන් පසු කාලීනව ඔවුන්ගේ මෙම වාස භූමි වලින් නෙරපනු ලැබුවා.

එක් ප්‍රතිචාරයක් ඇත.

 1 

නොදන්න යමක් ඉගෙන ගත්තා. බ්ලොග් කරණය තුලින් අපේ රටට දැනුම් සම්භාරය ගලාගෙන එන බවට ඉඟි තමයි මේවා. ස්තූතියි.

May 29th, 2008 at 1:15 am

ඔබත් අදහසක් එකතුකරන්න

You must be logged in to post a comment.