වෙසක් දිනය
අවුරුද්දෙ දවස් 365න් මා කුඩා කළ ආසම දවස වෙසක් දවසයි. එයට හේතුව ඒ දවස් වල දැන නොදැනුනත් දැන් නම් තරමක් වැටහේ. සිංහල අවුරුදු කාළයත් වෙසක් කාළයත් තුල සිතට දැනෙන අරමුණ ඉඳුරාම වෙනස්. කුඩා දරුවකු ලෙස අවුරුදු කාලය තුල දවස තිස්සේම සෙල්ලම් කරනවාට වඩා වැඩි යමක් කරන්නේ නැත. (අවුරුදු අසිරිය හා කුඩා දරුවකු ලෙස ගත කළ සුන්දර අවුරුද්දෙහි අඩුවක් මින් නොකිය වේ.) නමුත් වෙසක් කාලය තුල ප්‍රායෝගිකව නිර්මාණශීලීත්වයට උරදෙන වැඩ වල යෙදෙනවා. උදාහරණයක් වශයෙන් වෙසක් කූඩු සෑදීම ගනිමු. ඉතාම සංයමයකින් මනස හසුරවමින් බට පතුරු එකිනෙක තබමින් වෙසක් කූඩුවෙහි සැකිල්ල සෑදිය යුතු වේ. එහි සව් කොළ ඇලවීම, රැළි කැපීම ආදිය ද සංයමයකින් හා එකාග්‍රතාවයකින් කළ යුතුයි. වෙසක් දිනය ලං වත්ම පංසල හා ඒ අවට බෞද්ධ කොඩි එසවේ, සැම ගෙයකම වැඩිහිටි, බාල සැවොම පංසල කේන්ද්‍ර වෙසක් සැමරීමට සැරසෙති. පෙහෙවස් සමාදන් වී දවස පුරාම පනසලේ ගත කිරීමත් සවසට වෙසක් කූඩු එල්ලීම, පහන් පත්තු කිරිම වැනි දැ කරනවා. පොදුවේ ගත් කළ අද මට දැනෙන වෙනස නම්, අවුරුද්දට ගැමි සුවඳත් වෙසක් වලට සිල් සුවඳත් දසත හමා අපව ප්‍රබෝධමත් කිරීම යි.



ඔබත් අදහසක් එකතුකරන්න
You must be logged in to post a comment.