June 1st, 2008 දා සටහන්
1
Jun
මේ මා වස් කාලය යි
මේ මා වස් කාලය යි
දුවන වැහි වලට තෙත බරිත වී
ළිඳ ගාව ඉද්ද ගහේ මල්
හිනැහේ වැහි බිඳු වලට
මිහිරි උදයේ නැවුම් සුළඟින්
මුහුව ඔබේ සුවඳ
නෙතු කැළුම් සමග
හාදු දෙයි නගුල් තරු එළියට
බලා ඉමි නෙත් අයාන
නුඹේ රුව දෙසම මම
සහස් සුවහසක් වර
රළක් සේ නැගී එන
නොහිමි අම හැඟුම් මැද
©සහන්


