June 6th, 2008 දා සටහන්
6
Jun
පැතම් දුර්ගය
විළිලන හීලෑ හැඟුමන් සොයමින්
යළි යළි මතකය දිව යයි අතීතෙට
අත් වැලට වාරු වී දිරිය ගෙන සිත් අගට
අතැ’ඟළි ගෙන අප පියමැන ගිය
ඒ මාවත අද වල් බිහි වී ඇත
අත් වැලත්, සූරිය මලත්
දනී දෑ අප තෙපුල් මිමිනූ
පඩි පෙළත්, තුඹ මලත්
කියයි අප ඇවිද ගිය සැටි
පැතුම් දුර්ගය මාන නොපෙනුණ
නිමා කොට නියං සමය
සිත් නදී සීත දියවර රුගෙන
පසු කළෙමු අපි වංකගිරි මග
©සහන්


