9
Jun

කතා කරන ඉරිඟු

    කතා කරන ඉරිඟු ලිපි ගොනුවෙහි සහන් විසින් සටහන් තබන ලදී.    

අද ඉරිඟු ගැන තමයි කථා කරන්න යන්නෙ. වම් අත පැත්තේ ඇති දසුණ නම් අපට හුඟක් හුරු පුරුදුයි නේ. ලංකාවෙ අපි නම් ඉරිඟු ඉඳල හිටල තමයි ආහාරයක් විදිහට ගන්නෙ. නමුත් ඉරිඟු කියන්නෙ ලෝකයේ සහල්, තිරිඟු පමණටම විශාල ප්‍රමාණයකින් නිශ්පාදනය කරන භෝගයක්. ලෝකයේ ඉරිඟු නිශ්පාදනයෙන් දළ වශයෙන් සියයට හතලිහක්ම නිපදවන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වන අතර එය වසරකට මෙට්‍රික් ටොන් මිලියන 300 පමණ වෙනවා. කෝන් (Corn), මේයිස් (Maize) යනුවෙන් ඉරිඟු හඳුන්වන අතර එහි උද්භිද විද්‍යාත්මක නාමය Zea mays L. වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ අයෝවා, ඉලීනොඉස් හා මිනසෝටා යන ප්‍රාන්ත වල සියයට පනහකට වැඩියෙන් වගා කරන්නේ ඉරිඟු ය. මේ හැරුනු කොට ඉන්දියානා, ඔහායෝ, විස්කොන්සින්, සවුත් ඩෙකොටා, මිචිගන්, මිසූරි, කැන්සාස් හා කෙන්ටකි යන ප්‍රාන්ක වලද ඉරිඟු බහුල ලෙස වගා කෙරෙන අතර මෙම ප්‍රාන්ත අයත් භූමි තීරය ‘ඉරිඟු පටිය’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වේ.

විවිධ මුහුන් ඉරිඟු වර්‍ග (Hybrid maize) ඇති අතර ඒවා විවිධ අවශ්‍යතා සඳහා භවිතා කරයි. ස්වීට් කෝන් කියන වර්‍ගය තමයි අපි තම්බා අහාරයට ගන්නෙ. තවද බේබි කොන් කියන ඉරිඟු වර්‍ගය අඟලක් පමණ දිගින් යුතු අතර එය නූඩ්ල්ස්, පැස්ටා වැනි අහාර පිසීමේදී එළවළු මිශ්‍රණය සඳහා යොදා ගනී. මේවාට අමතරව ඉරිඟු පිටි (corn flour) සඳහා එක් වර්‍ගයක් ද, සත්ව ආහාර (livestock feed) සඳහා තව මුහුන් ඉරිඟු වර්‍ගයක් ද යොදා ගනී.

ඇමරිකාවේ නිපදවන ඉරිඟු වලින් 50% කට වැඩි කොටසක් සත්ව ආහාර සඳහා යොදා ගනී. ඉතිරි කොටසින් මෙහි හරි හරි දෑ කෙරෙයි. 20% පමණ අපනයනය කරන අතර 5%ක ප්‍රමාණයක් ආහාර ලෙසද, තවත් 4% පමණ ප්‍රමාණයක් High-fructose corn syrup (HFCS), උකු ඉරිඟු පැණි නැමති ස්වභාවික සීනි ද්‍රාවණය සදා ගැනීමට භාවිතා කරයි. වත්මන් ඇමරිකාවේ විශේෂයෙන් සිසිල් බීම (කොකා-කොලා, ස්ප්‍රයිට්, ෆැන්ටා අදී බීම වර්‍ග) ඇතුළු අනෙකුත් අහාර ද්‍රව්‍ය වලට HFCS බහුලව යොදා ගනී. ඉරිඟු වල සුලභ බවත් උක් සීනි හා බීට් සිනි වල නිශ්පාදන පිරිවැයත් සලකා බලන විට HFCS භාවිතය ඉතා ලාබදායී වේ. මෙම HFCS ඉරිඟු පැණිය, තෙලිජ්ජෙන් පැණි ගන්නා සේ ස්වාභාවික ක්‍රමයක් වන අතර රසකාරක හෝ සැකරීන් වැනි කෘත්‍රිම ද්‍රව්‍ය සමග පටලවා නොගත යුතුය.

තවද ඉරිඟු වලින් මෙහි වැදගත් කාරියක් කෙරේ. ඒ කිමෙක් ද යත්, සියයට සියයක්ම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි, ස්වභාවිකව දිරා යන ප්ලාස්ටික් විශේෂයක් ඉරිඟු ආධාරයෙන් නිපදවීමයි. සිලි සිලි බෑග්, වතුර බෝතල්, විනිවිද පෙනෙන ආහාර ඇසුරුම් පෙට්ටි ආදී විවිධ එදිනෙදා අවශ්‍යය වන ප්ලාස්ටික් දැන් දැන් ඉරිඟු ප්ලාස්ටික වලින් නිපදවනු පෙනේ. මෙයට අමතරව මෙම තාක්‍ෂණයම යොදා ගෙන නූල් ද (නයිලොන් වැනි) සාදායි. මෙම ක්‍රමවේද ඉතාම පරිසර හිතකාමී වේ.

දැන් කරළියට එන තවත් වැදගත් ඉරිඟු වලින් ගෙනෙන ප්‍රයෝජනයක් තමයි එතනොල් (මධ්‍යසාර) නිපදවීම. ඉතාම ඉක්මණින් ක්‍ෂය වන ෆොසිල ඉන්ධන හමුවේ විකල්ප බලශක්කි විශේෂ දැන් දැන් ලෝක ප්‍රජාවගේ අවධානය ඩැහැගනිමින් සිටී. දැවෙන ෆොසිල ඉන්ධන වලින් සිදුවන පාරිසරික බලපෑමත්, ජීව-ඉන්ධන වල පරිසර හිතකාමී බවත් නිසා ජීව-ඉන්ධන නිශ්පාදනය හා භාවිතය හිස ඔසවමින් සිටී. නිශ්පාදන පිරිවැය ද තවත් සාධකයකි. ඉඩක් ලදොත් ජීව-ඉන්ධන ගැන වැඩි දුර විසිතුරු විස්කම් පසුවට කියන්නම්. දැනට මුළු වසරක ඉරිඟු නිශ්පාදනයෙන් 20% පමණ එතනොල් නිපැයුමට යොදා ගනී. මෙය ඉදිරි වසර 10 තුල 100% වැඩි වීමක් අපේක්‍ෂා කෙරේ. වත්මන් බ්‍රසීලය හි 50% වැඩියෙන් වාහන දුවන්නේ ඉරිඟු භාවිතයෙන් සාදන ලද එතනොල් වලිනි.

මෙම ජීව-ඉන්ධන වලට එහි පරිසර හිතකාමී බව හා එය ඉතාම ලාභ උපයන නිශ්පාදන වීම නිසාම දැන් දැන් සැවොම ඒදෙසට ඇදෙනු පෙනේ. එනම් බහුල වශයෙන් ජීව-ඉන්ධන සඳහා භෝග වගා කරනු පෙනේ. මෙතෙක් තම රටෙහි තිරිඟු, ඉරිඟු, හාල්, පරිප්පු ආදී භෝග අතිරක්තය අපනයනය කෙරුණු ඇමරිකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායාලන්තය හා වියට්නාමය වැනි රටවල් එම අතිරික්තය වගා නොකර, තම රටට සරිලන පමණට වගා කර ඉතිරි භූමියෙහි ඉරිඟු, සොයා වැනි ජීව-ඉන්ධන නිපදවිය හැකි භෝග වගා කිරීමට පෙළඹීමයි. එය මෙම රටවලට අර්ථික වශයෙන් ඉතා වාසි දායකය. ෆොසිල ඉන්ධන මැද පෙරදිගින් ආනයනය කරනවාට වඩා ජීව-ඉන්ධන තම රටෙහි වාවා ගත හැකිනම් මෙම රටවලට බලශක්තිමය වශයෙන් ස්ථාවර විය හැක. නමුත් මෙය ලෝත ආහාර අර්බුදයක පෙර නිමිත්තකි. අප රට වැනි සැමදේ පිටින් ගේන රටවලට අහෝ හාලුත් නැත, පානුත් නැත, පරිප්පුත් නැත, ඉන්ධනත් නැත. දැන්වත් නොවැව්වොත් අපි මකර කටේ.

ප්‍රතිචාර 6 ක් ඇත.

 1 

ඔය සත්ව ආහාර වලට යන ප්‍රමානය මිනිස් ආහාර ලෙස යොදා ගන්නවනම් තවත් බොහො දෙනකුගෙ කුසගිනි නිවේවි.

June 10th, 2008 at 1:01 am
 2 

ඔබගේ blog එක හරියට ශබ්ද කෝෂයක් වගෙයි. වටින කරුණු බොහොමයි. සුබ පැතුම්! තවත් හොද කරුණු ලියන්න.

June 10th, 2008 at 3:01 pm
නන්දලාල්
 3 

ඇස පිනවන බ්ලොග් පිටු! යථාර්තයක් ඇති ලිය කියවිලි. එන්න යන්න සිතෙන තැනක්…

June 10th, 2008 at 5:37 pm
 4 

ෂා නියමයි! ඔබේ මේ සටහන හරි අගෙයි. සෑහෙන දෙයක් දැන ගත්තා.
මට හරි හමන් දෙයක් දැනෙන්න පටන් ගත්ත දවසේ ඉදලා මගේ එක ප්‍රාර්ථනයක් තමයි ශ්‍රි ලංකාව ස්වයංපෝෂිත වීම. ඒත් වැව්වා නෙවැව්වා කියලා නැ කොතන හිටියත් ඉන්නේ මිනිස්සු. කවුරු හරි මනුස්සයෙක් බඩගින්නේ ඉන්න එකනං දරන්න ආමාරුයි.

June 11th, 2008 at 2:36 am
 5 

වැවුවෙ නැත්නම් අපි ඉවරයි ලගදිම

June 17th, 2008 at 11:48 pm
 6 

බොහො ම වටිනා විස්තර ටිකක්.
මේ ප්‍රශ්නෙවලට උත්තර හොයන්න තිබුනේ මීට අවුරුදු ගාණකට පෙර යි. මිනිස්සු ප්‍රශ්නවලට උත්තර හොයන්න ප්‍රශනෙ වණ වෙනකන් ඉන්නේ නැත්නම් ලෝකෙ කොච්චර සුන්දර තැනක් වේවි ද?

July 2nd, 2008 at 10:08 pm

One Trackback/Ping

  1. මාරි මිස වෙන බොජුනක් « සිතුවිලි    Jun 19 2008 / 1am:

    [...] අපේ රට ඉස්සරනං පෙරදිග ධාන්‍යාගාරය. දැං ආනනයනය අතින් අග තැන්පත් නිසා මොකක් කියනවද දන්නේ නැ. දැං ආහාර ආනයනය කරන හුගක් රටවල් තමන් වගා කරන අතිරික්තය අඩුකරන්නයි යන්නේ. ඒකට හේතුව ලෝකේ තවත් අර්බුදයක් වෙච්ච ඉන්ධන වලට  වැට බදින්න හදන ජීව ඉන්ධන වීම. ආනයනය කරන්න ආහාර නැති වුනාම අපේ රටට බලං ඉන්න වෙන්නේ අංශක 90න්ම උඩ දෙවියන්ගේ හාල් කැවෙනකං. මේ ගැන හොද විස්තරයක් තිබුනා සහන්ගේ කැටපත් පවුර බ්ලොග් එකේ “කතා ක… [...]

ඔබත් අදහසක් එකතුකරන්න

You must be logged in to post a comment.