6
Jun

පැතම් දුර්ගය

    කාලීන ලිපි ලිපි ගොනුවෙහි සහන් විසින් සටහන් තබන ලදී.    

විළිලන හීලෑ හැඟුමන් සොයමින්
යළි යළි මතකය දිව යයි අතීතෙට
අත් වැලට වාරු වී දිරිය ගෙන සිත් අගට
අතැ’ඟළි ගෙන අප පියමැන ගිය
ඒ මාවත අද වල් බිහි වී ඇත
අත් වැලත්, සූරිය මලත්
දනී දෑ අප තෙපුල් මිමිනූ
පඩි පෙළත්, තුඹ මලත්
කියයි අප ඇවිද ගිය සැටි
පැතුම් දුර්ගය මාන ‍නොපෙනුණ
නිමා කොට නියං සමය
සිත් නදී සීත දියවර රුගෙන
පසු කළෙමු අපි වංකගිරි මග

©සහන්

ප්‍රතිචාර 4 ක් ඇත.

Anonymous
 1 

විළිලන හීලෑ හැඟුමන් ..කියලා අදහස් කළේ මොකක්ද කියලා ටිකක් විස්තර කරලා දෙනවද ?

June 6th, 2008 at 1:57 am
 2 

ඇත්ත තමයි. තව ටිකක් පැහැදිලි කරන්න ඒ කියමන.

June 6th, 2008 at 11:24 am
 3 

මෙම නිසඳසේ අරුත පුද්ගල පරිචය මත වෙනස් වේ. සා.පෙළට සිංහල විෂයක් වශයෙන් ඉගෙන ගත්තාට පස්සෙ නැවත සිංහල ඉගෙන ගන්තෙ නෑ. එම නිසා මෙම අරුත් පැහැදිලි කිරීමේ දී යම් දොසක් ඇතොත් නිවැරදි කරන්න.

විළිලන කියන එකට තේරුම් කිහිපයක් තියෙනවා. මේ පදය විළි + ලන ලෙස බින්න කළ හැක. ලන යන්වට ලෑම, ලීම සහ විළි යන්න ලැජ්ජා සහගත අරුත් දේ. විළිලව හීලෑ හැඟුමන් (පැවසීමට ලැජ්ජා සහගත, සංයමයකින් යුතු අදහස්). මෙම පද යෙදෙන තැන් පහත දැක්වේ.

“ලොවට හොරා විළිලා බිහිකර ගත්
වසන්තයේ සඳ මියැදුන දවසක”

විළි ලැජ්ජ නැති වැඩ.

විළි වසා ගැනීම.

බිජුලන, හඬලන

June 7th, 2008 at 9:00 pm
Anonymous
 4 

බොහොම ස්තූතියි සහන් ඇත්තටම ඒක හිතාගන්න බැරිවුණා..ඒත් මට හිතෙන්නේ තව තේරුම් ඇති කියලයි..විළිරුදාව හැදෙන්නේ ලැජ්ජාව කියන තේරුමෙන් නෙවෙයි වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ..මමත් තව පැහැදිළි කර ගත් විටක මෙයටම එකතු කරන්නම්..

අපහසුතාවකට පත් කරන්න හිතන් නෙවෙයි ඇහුවෙ..අප ව්‍යවහරය අනුව භාවිත කළත් ඇතැම් වචනවල හරිම තේරුම ඇත්තටම අපවත් දන්නේ නැහැ. මේකත් මට ඒ වගේ. ඒ නිසයි දැනගන්න හිතුවෙ..

June 9th, 2008 at 5:32 am

ඔබත් අදහසක් එකතුකරන්න

You must be logged in to post a comment.