4
Jun

සුමුදු කුමුදක් පිපී

    රස විඳමු ගීතයක් ලිපි ගොනුවෙහි සහන් විසින් සටහන් තබන ලදී.    

මට ඉතාම හිත් ගත් ගී පද මාලා විටින් විට වියුණු සටහෙන් තබන්නයි හිතාන ඉන්නෙ. මෙම ගීතයෙ කථා නයකයා වන්නෙ පියාණන් කෙනෙක්. ඉතාම හැඟුම් දනවන ආකාරයට ලියා ඇති මෙම ගීතයේ ගේය පද පාතේගම ඤාණීස්සර හිමියන් ගේ වන අතර ගායනය කරන්නේ මිත්‍ර කපුගේ. මෙයට තනුව නිර්මාණය කර ඇත්තේ ගුණදාස කපුගේ වුවත් ‍ඔහුගේ අභාවයෙන් පසු තමා මෙම ගීතය සැකසෙන්නෙ.

සුමුදු කුමුදක් පිපී
පුරුදු සුවඳක් ගෙනේ
සොළොස් කළාපේ
සඳත් සිනාසේ මේ රාත්‍රි යාමේ
මං බාලේ උර තලයේ
රන්ඳා අනන්ත ආදරයේ
දුන්න ඔවා මට තාම ඇසේ රහසේ
පියාණනේ ////

ආශිර්වාද ඇසේ ලොවින්
නින්දා වරුසාවන් අතරේ
මට දැනුදු දැනේ ඔබේ අගේ දිවා රැයේ
නින්දා අබියස මහමෙර වන් පියාණනේ

මල්මාලා ගෙලට වැටේ
අවමන් වරුසාවන් අතරේ
මට දැනුදු ඇසේ ඔබේ අගේ දිවා රැයේ
අවමන් අබියස නොසැළී උන් නුඹේ සෙනේ

ප්‍රතිචාර 5 ක් ඇත.

 1 

හරිම අගෙයි. ස්තූතියි අපිට අහන්න සලස්වපු එක මේ ගීතය.

June 4th, 2008 at 4:35 am
Anonymous
 2 

සුමුදු කුමුදක් පිපී
පුරුදු සුවඳක් ගෙනේ

මේක දකිද්දි

රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනේ

… එකපාරටම මේ පද වැල් මට මතක් වුණා
එහි යම් ආභාසයක් ඇතිවා වගෙයි එක්වරම පෙනෙන්නේ..

අනික කපුගේ අම්මා ගැන ගායනා කළ ගීතය මතක් වුණා. අද ඔහුගේ පුතා ඒ අම්මා ගැන ගැයූ පියා ගැන ගැයීමත් දෛවෝපගත යි නේද ?
මේවා ජීවිතය ඇතුළේ හරිම සංවේදී සිදුවීම් වගෙයි මට දැනෙන්නේ.

අළුත් ගීතයක් ගැන දැනුවත් කළාට ස්තූතියි.

June 4th, 2008 at 4:50 am
ranga ranhoti
 3 

i cant beleive this. tanx

August 4th, 2008 at 7:26 am
ranga ranhoti
 4 

one love one heurt

August 4th, 2008 at 7:28 am
චන්දිමා රාජපක්ෂ
 5 

ෙම් ගීතය හරීම සංෙව්දී ගීතයක්.පිෙයකුෙග් අපිරිමිත ෙසෙනහස හා නින්දා අපහාස අභියස ෙනාසැලී සිටි අාකාරය අපූර්වට විදහා දක්වා අැත.
“සුමුදු කුමුදක් පිපී
පුරුදු සුවඳක් ගෙනේ”
මටත් මෙග් පියාණන් මතක් උනා.

April 26th, 2009 at 4:02 am

ඔබත් අදහසක් එකතුකරන්න

You must be logged in to post a comment.