ටික කලෙකට උඩදි දිවයින පත්තරේ පළවුනා පාතේගම ඤාණීස්සර හිමියන්ගේ ලිපියක්. මට මතක විදිහට බදාද ශාස්ත්‍රීය අතිරේකයේ තමා පළවුනේ. හැම බදාදටම නොවරදවා මම අතිරේකය කියවමි. දුරුරට ඉන්න අපට රසාඥතාවය වර්ධනය කරගන්න එය මහත් රුකුළක් වෙනවා. ඒ ලිපියට පාදක වෙලා තිබුනෙ බුදුරදුන් වදාළ ත්‍රිපිටකයේ ඇති කාව්‍යමය ස්වරූපය පිළිබඳව. වියුණු අවකාශයේ ත්‍රිපිටකය ඇති වියුණු අඩවියට ගොස් ටිකක් සොයා බැලුවා මේ ගැන. අපි කවුරුත් දන්න විදහට ත්‍රිපිටකයෙහි සංයුක්ත නිකායේහි අඩංගු වන්නෙ බුදුරදුන් වදාළ කුඩා සූත්‍ර. කෙතරම් කුඩාද යත් සමහර සූත්‍ර වල අඩංඟු වන්නෙ ප්‍රශ්න ගාථාව හා පිළිතුරු ගාථාව පමණයි. පාළි යෙන් ගාථා කියන්නේ කවි වලට කියල තමයි පාතේගම ඤාණීස්සර හිමියන්ගෙ අදහස. මම මේ අතුරින් සූත්‍ර හතරක් තෝරා ගත්තා ඉදිරිපත් කරන්න. මේ හැම සූත්‍රයක්ම පටන් ගන්නේ “මා විසින් මෙසේ අසන ලදී…” ආදී ලෙස වන අතර සූත්‍රය ගාථා දෙකකින් සමන්විත වන අතර පළමු ගාථාව දෙවියකු අසන ප්‍රශ්නය ද, දෙවනි ගාථාව භාග්‍යවතුන් වසන්සේ දෙසන පිළිතුර වේ. මෙහි සිංහල තේරුමෙහි එතරම් කවි බවක් දක්නව නොලැබෙන අතර පාළි ගාථා වල අර්ථ ව්‍යංජන සහිතව කව්‍ය ලක්‍ෂණය වැගිරෙන බවයි මගේ අදහස. සිංහල තේරුම ගැන සිතන විට පාළි ගථාවන්ගේ කවි බව ගැන කුමන කථා ද? ත්‍රිපිටකයෙහි සංයුක්ත නිකායේහි දේවතා සංයුක්තයෙන් උපුටා ගන්නා ලද පහත සඳහන් සූත්‍ර හතර මම හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා ඉදිරිපත් කරමි.
1) දේවතා සංයුක්තයේ ජරාවග්ග යේ කවි සූත්‍රය මෙසේ ය.
මා විසින් මෙසේ අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටාණන් කරවන ලද දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙන කල, රෑ පෙරයම ප්‍රභාමත් ශරීර වර්ණ ඇති එක් දෙවියෙක් මුළු දෙව්රම බබුළුවා ගෙන අවුත් එකත් පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට ගථාවෙන් මෙසේ කීහ,
කිංසු නිදානං ගාථනං ගාථාවන්ගේ නිදානය කුමක් ද?
කිංසු තාසං ව්‍යංජනං ඒවායේ ව්‍යංජනය කුමක් ද?
කිංසු සන්නිස්සිතා ගාථා ගාථාවෝ ඇසුරු කොට පවතින්නේ කුමක් ද?
කිංසු ගථානමාසයෝ ගාථාවනට ආධාර වන්නේ කුමක් ද?
චන්දො නිදානං ගාථානං ඡන්දස ගාථාවන්ට හේතුවයි
අක්ඛරා තාසං ව්‍යංජනා අක්ෂර ඒවායේ ව්‍යංජනයි
නාමසන්නිස්සිතා ගථා නාමයන් ගාථාවෝ ඇසුරු කොට පවතී
කවි ගථානමාසයෝ කවියා ගාථාවනට ආධාර වේ.
2) දේවතා සංයුක්තයේ ජරාවග්ග යේ වත්ථු සූත්‍රය මේ ආකාරයි.
කිංසු වත්ථු මනුස්සානං මිනිසුන්ට පිහිට කුමක්ද?
කිංසු සධා පරමෝසඛා උතුම්ම යහළුවා කවුද?
කිංසු භූතාප්‍රජාවන්තී කුමක් ඇසුරු කොට ජීවත් වෙත්ද?
යේ පාණා පඨවිං සිතාති යම් ප්‍රාණියෙක් පොළොවෙහි වෙසෙනා
පුත්තා වත්ථු මනුස්සානං දරුවෝයි මිනිසුන්ට පිහිට
භාරියාවා පරමෝසඛා භාර්‍ය්‍යාවයි උතුම්ම යහළුවා
වුට්ඨිං භූතාප්‍රජාවන්තී වැස්ස ඇසුරු කොට ජීවත් වෙති
යේ පාණා පඨවිං සිතාති යම් ප්‍රාණියෙක් පොළොවෙහි වෙසෙනා
3) දේවතා සංයුක්තයේ නන්‍දනවග්ග යේ නත්‍ථිපුත්තසම සූත්‍රය මේ ආකාරයි.
නත්ථි පුත්තසමං පේමං පුත්‍ර පුත්‍ර ප්‍රේමය සරි වෙන ප්‍රේමයක් නැත
නත්ථි ගොසමිතං ධනං ගව සම්පත සරි වෙන ධනයක් නැත
නත්ථි සුරියසමං ප්‍රභා හිරු එළිය සරි වෙන එළියක් නැත
සමුද්දපරමා සරාති සමුදුර සරි වෙන විලක් නැත
නත්ථි අත්තසමං පේමං තමා කෙරෙහි ප්‍රේමය බඳු ප්‍රේමයක් වෙන නැත
නත්ථි ධ්‍යනංසමං ධනං ධ්‍යාන හා සරි වෙන ධනයක් නැත
නත්ථි පඤ්ඤාසමං ප්‍රභා ප්‍රඥාව සරි වෙන එළියක් නැත
වුට්ඨිං වේ පරමා සරාති වැස්ස සරි වෙන විලක් නැත
4) දේවතා සංයුක්තයේ සත්තිවග්ග යේ සර සූත්‍රය මේ ආකාරයි.
කුතෝ සරා නිවත්තන්තී සංසාර කඳු රැළි කොතනක නවතී ද
කුත්තා වට්ටං නා වත්තතී සංසාර දිය සුළි කොතනක නවතී ද
කුත්තා නාමාඤ්ච රූපඤ්ච නාම රූප කොතනක
අසේසං උපරුජ්ඣතීති ඉතිරි නැතිව නැතිවේ ද
යත්තා අපෝ ච පඨවා තේජෝ වායෝ නා ගාධති
අතෝ සරා නිවත්තන්තී එත්තා වට්ටං නා වත්තතී
එත්තා නාමාඤ්ච රූපඤ්ච අසේසං උපරුජ්ඣතීති
ආපෝ තේජෝ පඨවි වායෝ ධාතූන් යම් තැනක නැති වේද
සංසාර කඳු රැළි ත් දිය සුළි ත් එතන දි නවතී ය
(ඒ නිවනෙහි) නාම රූප ද ඉතිරි නැතිව නැති වේය










