‘කවි හා නිසඳස්’ ලිපි ගොණුවෙහි සටහන්

1
Jun

මේ මා වස් කාලය යි

    කවි හා නිසඳස් ලිපි ගොනුවෙහි සහන් විසින් සටහන් තබන ලදී.    

මේ මා වස් කාලය යි
දුවන වැහි වලට තෙත බරිත වී
ළිඳ ගාව ඉද්ද ගහේ මල්
හිනැහේ වැහි බිඳු වලට
මිහිරි උදයේ නැවුම් සුළඟින්
මුහුව ඔබේ සුවඳ
නෙතු කැළුම් සමග
හාදු දෙයි නගුල් තරු එළියට
බලා ඉමි නෙත් අයාන
නුඹේ රුව දෙසම මම
සහස් සුවහසක් වර
රළක් සේ නැගී එන
නොහිමි අම හැඟුම් මැද

©සහන්