කැටපත් පවුර » මට හිතෙන දේ

සටහනකට සටහනක්
තත්‍යානා සහ අමතකව ගිය කවිය මැයෙන් බෝදිනී සටහනක් ලියල තිබ්බ ඇගෙ “කවියට පෙම් බැඳ” නම් වියුණෙ. එයට මා එකතු කළ අදහස තවත් නිරවුල්ව ලියන්න ඕන කියල තමයි මේ සටහන කැටපත් පවුරට එක්වන්නෙ.

තිබ්බතීය මළ පොත ගැන ඔබ අසා ඇත්ද? ලංකාවෙ සිටිනා කාලය තුල මම එය කියවුයෙමි. ඇගේ නිසඳැසට පළමු ගද්‍ය පද වැල කියවන විට මට සිතට දැනුනේ තිබ්බතීය මළ පොතෙහි සදහන් දෑය. “මම මරණය කරා යමි. මා දන්නා පරිදි එය නිසැකවම මා අසල ඇත. වරෙක එය මගේ ඇඟිළි තුඩු වලට දැනේ, වරෙක එය මගේ එය ‍මගේ ඇට මිදුළු වලට දැනේ, වරෙක එය මගේ සිත සමග සක්මන් කරයි. වරෙක දුරිනුත් වරෙක ළඟිනුත් සිට එය මා සමග මගේ ගමන යයි.” සේකර නොමියෙමි හා පුබුද්ධ කාව්‍යනට ඇසුරු කර ගත්තේ එයයි. සේකරට මරණී රමණී විය. “සුදු පාවඩ මත, දවුල් තම්මැට්ටම් පෙරටු කොට ගෙන, නෑ සියන් මිතුරන් පිරිවරා ගෙන, සිව් දෙනෙකුගෙ කර මත හැමට උඩින් සිටිනා විට මරණය ජයග්‍රහණය කැයි මට සිතේ”. සේකර තව තැනක කියනව

“ඔබ මට සිහි වෙයි

දහසක් ගිලනුන් මිය ගිය මේ ඇඳ මත

නිසලව වැතිරී මම

ඔබ ගැන සිත සිතා ඉඳිමි

මෙය මැදියම් රැය විය හැක

විශ්වය නිශ්ශබ්දය

එකී නිහඬතාවය මැද

ගන නිල් කරුවල තුළ

යාන්තමින් කනට ඇසෙයි

කඳු මුදුනින් බැස ගෙන

මිටියාවත දිගේ ගලන

ඔබේ මිහිරි ගී රාවය

කවදාවත් නැති තරමට

මට ඔබ ආසන්නය

නිදිබර සුසුම් රොදක්

රහසක් මා කනට කියයි

සියුමාලි ඇඟිලි තුඩක්

මා ඇසි පිය සෙමෙන් සිඹියි

ඉවකින් මෙන් මට වැටහෙයි

උණුසුම් සුළඟක් සේ

පර මල් සුවඳක් සේ

ඔබ මා වට පිරී සිටියි

දැන් මට තනියක් නැත

නොගැයූ ගීතයක තනුවක් වී

නොහෙලූ කඳුළක සිහිලක් වී

නොපැතූ පැතුමක කළලක් වී

නොපෙනී ඔබ මා සමග සිටී

සැහැල්ලු සිත බරක් නොමැතිය

අනන්ත අපරිමාණ විශ්වය තුළ

සෙමෙන් සෙමෙන් විසිරී යන

පුළුන් වලා රොදක්මි මම

අනන්ත අපරිමාණ විශ්වය තුළ

ඔබත් මාත් දෙදෙනා හැර

වෙන අන් කිසිවෙක් නැත

සියළු දුක් අවසානයේ

සියළු සැප අවසානයේ

ජීවිතේ එක් වරක් පමණක් විඳින

පරමානන්දයකි මෙය”.

නොමියෙමි හි සේකර මරණය ගැන ඉතා සියුම්ව ස්පර්ශ කර ඇත. නිතර මරණය සමග සිටින අප සොඳුරු කවක් සේ එය ගැන සිතීමට හැකි නම් කොපමණ අගේද? සේකර සියළු දෙ හරසුන් ය, අසාර ය, අස්ථිර ය කියා ලොප් වී නැත.  අපට ඉගෙන ගත හැකි දෑ බොහෝයි. කවිය කවි කම තුලම කවි කල යුතුය.

“මළ හිරු බසිනා සැන්ඳෑ යාමේ – ඔබ‍ ගෙන් සමු ගන්නම්

අඳුරට ඉඩදී අඳුරේ සැඟවී – ඔබ ගෙන් වෙන් වී මම යන්නම්

සුළ‍ටඟේ දැවටී ඔබට හොරෙන් – මම ඔබ වෙත එන්නම්

සියුමැළි දෑතින් ඔබ හිස අත ගා – ඔබ නිදි කරවා මම යන්නම්

අළුයම පිබිදෙන ඔබගේ දෑසේ – මල් පෙති අග පිණි කඳුලකි රඳවා

සුසුමක් වාගේ ඉන් පිටවී  –  ඔබ ගෙන් වෙන් වී මම යන්නම්”

කඨෝර වූ යථාර්ථය ලියූවත් එහි සොඳුරු බව බිඳකුදු නොඅඩුව සේකරගෙ පන්හිදෙන් වැහුනා. නොමියෙමි ත්, ප්‍රබුද්ධත් එයට සාක්ෂි දරයි. අසාර බව අවබෝධ වූ නිසා ඔහු සිතිවිලි වලට නැවතීමේ සිත තැබුවේ නැත.

“පරවුණු මල් සුවඳ අතීතේ

පරසතු මල් ලඟ විසිර ගියාවේ

දුවගේ මුවින් එන කැකුළු සිනාවේ

එළිය මැදින් හෙ‍ට දවස උදාවේ”

(උපුටා ගැනීම් වල යම් දොසක් ඇතොත් කමන්න, අද මා ළඟ සේකරත්, මළ පොතත් නැත)

“මේ කරන සියල්ලෙහි හරසුන් බවක් දැනෙනවා, යම් දිනෙක, මේ සියලු දේත් නවතිනවා, එතෙක් අපි මේ කරන්නේ කුමක්ද? මේ මගේ සිතුවිලි කුමටද?” බෝදිනී තැබු සටහනට මම යමක් එක් කරන්න කැමතී. මතක තියාගන්න සේකරට මරණී රමණී වූ බව. දෛවයේ සරදමක් දෝ ඔහු ‍මිය යන්නට පළමු දා රාත්‍රියෙහි කියවා ඇත්තේ තිබ්බතීය මළ පොතයි. නෙමියෙමි හි සියල්ලේ හරය දකින අතර ප්‍රබුද්ධ හි ඔහු ‍ඒ සියල්ල ඉක්මවා යයි. “වරෙක දුරිනුත් වරෙක ළඟිනුත් සිට මරණය මා සමග මගේ ගමන යයි”. මා වරෙක ලියු නිසඳසක් මට මතකයි. එය දළ අදහස මෙයයි. “මා පෘථිවියෙන් පිටත අවකාශයට යයි. මට ඉතා විසිතුරු චමත්කාර දර්ශණයක් දක්නට ලැබේ. සහසක් තරු වැල්, මණ්දාකිණි වලින් සමන්විත ඒ දසුණ මන බදී. මම මා ළඟම සිට ඈත අවකාශයේ තරුවක් ඉපිද දැල්වී නිවී යන අයුරු (මියෙන අයුරු) නැරඹුවෙමි. අස්ථිර, අසාර වූ දෙයකින් ‍සුන්දරත්වයක් සොඳුර බවක් දැකිය හැකිනම් එය තුල කවි කම උපදී”.

ජීවිතය තරමටම අස්ථිර

මරණය තරමටම ස්ථිර

තවත් මොනවාද  ඉතිරි

“අද”

ඇයි මතකය

ඔව්! ඇත්තමයි,

සේපාලිකා මල් ගොලේ

අදත් මල් පිපිල.

©සහන්

වෙසක් දිනය
අවුරුද්දෙ දවස් 365න් මා කුඩා කළ ආසම දවස වෙසක් දවසයි.  එයට හේතුව ඒ දවස් වල දැන නොදැනුනත් දැන් නම් තරමක් වැටහේ. සිංහල අවුරුදු කාළයත් වෙසක් කාළයත් තුල සිතට දැනෙන අරමුණ ඉඳුරාම වෙනස්. කුඩා දරුවකු ලෙස අවුරුදු කාලය තුල දවස තිස්සේම සෙල්ලම් කරනවාට වඩා වැඩි යමක් කරන්නේ නැත.  (අවුරුදු අසිරිය හා කුඩා දරුවකු ලෙස ගත කළ සුන්දර අවුරුද්දෙහි අඩුවක් මින් නොකිය වේ.)  නමුත් වෙසක් කාලය තුල ප්‍රායෝගිකව නිර්මාණශීලීත්වයට උරදෙන වැඩ වල යෙදෙනවා. උදාහරණයක් වශයෙන් වෙසක් කූඩු සෑදීම ගනිමු. ඉතාම සංයමයකින් මනස හසුරවමින් බට පතුරු එකිනෙක තබමින් වෙසක් කූඩුවෙහි සැකිල්ල සෑදිය යුතු වේ. එහි සව් කොළ ඇලවීම, රැළි කැපීම ආදිය ද සංයමයකින් හා එකාග්‍රතාවයකින් කළ යුතුයි. වෙසක් දිනය ලං වත්ම ‍පංසල හා ඒ අවට බෞද්ධ කොඩි එසවේ, සැම ගෙයකම ‍වැඩිහිටි, බාල සැවොම පංසල කේන්ද්‍ර වෙසක් සැමරීමට සැරසෙති. පෙහෙවස් සමාදන් වී දවස පුරාම පනසලේ ගත කිරීමත් සවසට වෙසක් කූඩු එල්ලීම, පහන් පත්තු කිරිම වැනි දැ කරනවා. පොදුවේ ගත් කළ අද මට දැනෙන වෙනස නම්, අවුරුද්දට ගැමි සුවඳත් වෙසක් වලට සිල් සුවඳත් දසත හමා අපව ප්‍රබෝධමත් කිරීම යි.