කැටපත් පවුර

සකස් කළ මස්වල පිළිකා අවදානම
පසුගිය විදුසර කළාපයේ එනම් 2008 සැප්තැම්බර් මස 17 වැනිදා කළාපයේ ඉතාම වැදගත් ලිපියක් පල වුනා. එය සැමගේ දැනගැනීම පිණිසත්, අවධානය පිණිසත් මෙසේ උපුටා කැටපත් පවුරෙහි පළ කරනු ලැ‍බේ.

සකස් කළ මස්වල පිළිකා අවදානම

“පෝෂණය හා පිළිකා පිළිබඳව මෙතෙක් කර ඇති පූළුල් ම සමාලෝචනය ඇමෙරිකානු පිළිකා පර්යේෂණ ආයතනය හා ලෝක පිළිකා පර්යේෂණ අරමූදල මඟින් 2007 වසරේ දී ප්‍රකාශයට පත් කර තිබේ. ලෝක පිළිකා පර්යේෂණ අරමුදලට අනුව බේකන් හා හොටිඩෝග්ස් වැනි සකස් කළ මස්වලින් පිළියෙල කළ ආහාර හා මහාන්ත්‍ර ගුද පිළිකා අතර දෑඩි සම්බන්ධතාවක් පවතී. සකස් කළ මස් ස්වල්ප ප්‍රමාණයක් වුව ද ආහාරයට ගැනීමට අහිතකර බැවින් ඒවා පරිභෝජනයෙන් සම්පුර්ණයෙන් වැළකී සිටිය යුතු ය යන මතය එමඟින් ඉදිරිපත් කරයි.

සකස් කළ මස් යනූවෙන් අදහස් කරන්නේ දුම් ගැස්සීමෙන්, ලුණු යෙදීමෙන් හෝ සංරකෂණ ද්‍රව්‍ය එක් කිරිමෙන් පිළියෙල කරන ලද මස් වර්ග ය. මේවාට නයිට්‍රයිට හෝ නයිට්‍රේට එකතු කළ සොසේජස්, හොටි ඩොග්ස්, හැම්, බේකන්, පැස්ට්‍රාමි, සලාමි හැම්බර්ග්ස් හා හීනියට කපා සකස් කළ මස් වර්ග අයත් වේ.

මෙම නිගමනයන්ට එළඹ ඇත්තේ පිළිකාවන් ගෙන් පෙළෙන හා නො පෙළෙන එහෙත් වෙනත් ආකාරයන් ගෙන් ඔවූන් හා සමාන පුද්ගලයින් ගත් ආහාර සසඳා බැලෙන අධ්‍යයනයන් 44ක් අනුසාරයෙන් හා පිළිකා හටගැනීමට ප්‍රථම අවධියේ පසු වු පුද්ගලයින් ගත් ආහාර හා ඔවූන් ගේ ආහාර රටාවන් කලක් තිස්සේ පසු විපරමට භාජනය කෙරුණු අධ්‍යයනයන් 14ක් අනුසාරයෙනි. දිනපතා ආහාරයට ගන්නා සකස් කළ මස් සෑම ග්‍රෑම් 50කින් ම මහාන්ත්‍ර ගුද පිළිකා වැළඳීමේ අවදානම සියයට 21කින් වැඩි කෙරේ. සකස් කළ මස් අනුභවය ගලනාළයේ, පෙනහළු, ආමාශ සහ පූරඃස්ථ ග්‍රන්ථි පිළිකාවන්ට සම්බන්ධ බව සමහර අධ්‍යයනන් ගෙන් හෙළි වී ඇති නමුත් මේවා වඩාත් ම බලපාන්නේ මහාන්ත්‍ර ගුද පිළිකා කෙරෙහි ය.

සකස් කළ මස් මඟින් පිළිකා හටගන්නේ කුමක් නිසා ද? විද්‍යාත්මකව සලකා බැලුව හොත් මෙය දුම්කොළ හා ළය පිළිකා අතර ඇති සම්බන්ධතාවට බෙහෙවින් සමාන ය. දුම්කොළ දුමෙහි රසායනිකයන් සිය ගණනක් ඇති නමූත්, පෙනහළු පිළිකා ඇති කරන්නේ කුමන රසායනය මඟින් දෑයි තව ම හරිහැටි හඳුනාගෙන නැත.

සකස් කළ මස්වල විශේෂයෙන් ම සංතෘප්ත මේදය සහ කොලෙස්ටරෝල් හා ලුණු බෙහෙවින් අඩංගු වේ. සංරකෂකයන්, වර්ණකයන් හෝ රසකාරකයන් ලෙස බොහෝ අවස්ථාවල යොදාගන්නා නයිට්‍රයිට මඟින් එන් නයිට්‍රරොසෝ සංයෝගයන් නිපදවිය හැකි අතර ඒවා පිළිකාකාරකයන් ලෙස සැක කෙරේ. මීට අමතරව අධික උෂ්ණත්වයේ පිසිනු ලබන මස්වල විෂමචක්‍රීය ඇමීන  සහ බහුචක්‍රීය ඇරෝමැටික හයිඩ්‍රොකාබන ඇතුළු පිළිකාකාරකයන් අන්තර්ගත විය හැකි ය.

රතු සහ සකස් කළ මස්වල හීම් යකඩ ද බෙහෙවින් අඩංගු වේ. හීම් මඟින් පිළිකාකාරකයන් නිපදවීම වැඩි කරනවා පමණක් නො ව එහි අඩංගු යකඩ සංයුතීන් මුක්ත ඛණ්ඩකයන් නිපදවීමට ද මඟපාදයි.

සකස් කළ මස් කොහෙත් ම ආහාරයට නො ගත යූතු ය යන විද්‍යාත්මක මතය හමුවේ වූව ද ළමයි මෙන් ම වැඩිහිටියෝ ද බහුල වශයෙන් මේවා ආහාරයට ගනිති. ඇමෙරිකානුවෙක් දළ වශයෙන් වසරකට සකස් කළ ඌරුමස් නිෂ්පාදන රාත්තල් 32ක් පමණ ආහාරයට එක් කර ගනිති. ඇමෙරිකානුවන් හා බ්‍රිතාන්‍යයින් උදැසන ආහාරය සඳහා නිතිපතා බේකන් ගන්නවා පමණක් නො ව ඔවුන් අනූභව කරන පීසා වල සකස් කළ මස් ද අඩංගු වේ.

2008 වසරේ දී පුද්ගලයින් 108070කට මහාන්ත්‍ර පිළිකාත්, 40740කට ගුද පිළිකාත් වැළඳීමට ඉඩ ඇති බවත් 49960ක් පමණ මේ හේතුවෙන් මිය යා හැකි බවත් ඇමෙරිකානු ජාතික පිළිකා ආයතනය අනාවැකි පළ කරයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ වඩාත් සුලබ පිළිකා අතරින් සිව්වෙනි ස්ථානය ගුද පිළිකාවන්ට හිමි වේ.

සංවර්ධනය වෙමින් පවත්නා රටවල විකල්ප ශාක ආහාරයන් එමට තිබේ. ඇමෙරිකානු යෞවනයින් සියයට 16කට වැඩි සංඛ්‍යාවක් බරෙන් වැඩි අයයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ කාන්තාවන් තුන් දෙනකු ගෙන් එක් අයකු ද, පිරිමින් දෙදෙනකු ගෙන් එක් අයකු ද පිළිකාවන්ට ගොදුරු විය හැකි යැයි තක්සේරු කර තිබේ.

ජාතික පිළිකා ආයතනය මඟින් පළ කරන ජර්නලයේ 2008 අගෝස්තු කලාපයට අනූව දිනකට ගන්නා සකස් කළ මස් අවුන්සයකින් ආමාශ පිළිකා අවදානම සියයට 15 සිට 38 දක්වා වන ප්‍රමාණයකින් වැඩි වේ.

ජර්මන් චාන්සලර් බිස්මාක්ට අනුව නො සෑදිය යූතු හා සකස් නො කළ යූතු දේවල් දෙකක් වේ. ඒවා නම් සොසෙජස් හා ව්‍යවස්ථාවන් ය.

හෘද රෝග විශේෂඥ

වෛද්‍ය ඩී. පී. අතුකෝරල

පරිවර්තනය

කේ. එන්. ඕ. අමරදාස”

කතා කරන ඉරිඟු 3
මේ “කතා කරන ඉරිඟු” ලිපි පෙළේ තෙවැන්න ය.  ‍ෆොසිල ඉන්ධන වල සීමාසහිත බවත් එහි ඇතිවන පරිසර හානියත් නිසා අප කෙමෙන් කෙමෙන් තිරසාර හරිත බලශක්ති ප්‍රභව සඳහා සුදුසු ආදේශක සොයමින් සිටී. සාම්ප්‍රදායික සූර්‍ය්‍ය කෝෂ වල ඇති අකාර්‍ය්‍යක්‍ෂම බවත් නව කාබනික සූර්‍ය්‍ය කෝෂ හෙවත් අලෝකය නෙළා ගන්නා වල ඇති සුවිශේෂත්වයත් පසුගිය ලිපියෙන් සාකච්ඡා කෙරුණි.  අද ලිපියෙන් තවත් තිරසාර බලශක්ති ප්‍රභව සඳහා සුදුසු ආදේශකයක් ගැන සාකච්ඡා කරන්නයි අදහස. ඒ තමයි ඉන්ධන කෝෂ.

ඇත්තම කියනවනම් නුදුරු අනාගතයේ දීම හයිඩ්‍රජන් ප්‍රථමික බලශක්තිය ලෙස යොදා ගනීවි. මොකද හයිඩ්‍රජන භාවිත කර බලශක්තිය නිපදවීමේ දී පරසරයට අහිත කර දෑ පිටනොවන නිසාය.  නමුත් අපි අද ෆොසිල ඉන්ධන (පෙට්‍රල්, ඩීසල් ආදී) භාවිත කරන ආකාරයට හයිඩ්‍රජන් කෙළින්ම දාහක යත්‍රයක් තුල දාවා ශක්තිය නිපදවීමේ ක්‍රමයක් ගැන හිතන්න අමාරුයි, මොකද ඒ ක්‍රමය එතරම්ම කාර්‍යක්ෂම නොමැති නිසා.  ලෝකයේ නොසි‍ඳෙන බලශක්ති පිපාසය සංසිඳවන, පරිසරයට හිතකර ප්‍රභවයක් ලෙස හයිඩ්‍රජන් වලට ඇති ඉල්ලුම හා උනන්දුව දිනෙන් දින වැඩි වන අතර ඒහා සම්බන්ධ පරීක්‍ෂණ වලට ඉතා විශාල වශයෙන් මුදල් ආයොජනය කෙරේ.  ඒ හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ (Fuel Cells) වල ඇති ප්‍රගතිය නිසාය.  ඉන්දන කෝෂයකින් කෙරෙන්නේ හයිඩ්‍රජන් හා වාතයේ ඇති ඔක්සිජන් එකතුවෙන් විදුලිය නිපදවීමයි. දැන් දැන් ඉන්ධන කෝෂ වලින් දුවන වාහනද කරළීයට පැමිණ තිබේ. මෙම ඉන්ධන කෝෂ කාර්‍යක්ෂම මෙන්ම පරිසරයට හිතකර ද වේ.

ඒ සියල්ල එසේ තිබිය දී ඉන්ධන කෝෂ සම්බන්ධයෙන් ගැටළු කිහිපයක් ‍තිබේ.

1) හයිඩ්‍රජන් නිපදවීමට එතරම් කාර්යක්ෂම ක්‍රමයක් තවම නොමැති වීම.

2) හයිඩ්‍රඩන් ප්‍රවායනයට ද කාර්යක්ෂම ක්‍රමයක් තවම නොමැති වීම.

3) හයිඩ්‍රජන් ගබඩා කර තැබීමට ද කාර්යක්ෂම ක්‍රමයක් තවම නොමැති වීම.

නමුත් මෙම ගැටළු විසඳීම සඳහා දැන් ලහි ලහියේ පර්යේෂණ කෙරෙමින් පවතී.

හයිඩ්‍රජන් වායුවක් නිසා ප්‍රවාහනයේ දී ගැටළු මතුවේ. නමුත් මෙතනොල් හො එතනොල් ප්‍රවාහනය කර අදාල ස්ථානයේදී (in situ) හයිඩ්‍රජන් නිපදවා ගැනීම එක් ක්‍රමයකි. නැතිනම් හයිඩ්‍රජන් වයුව Li2O වැනි පරමාණු ස්ථර අතර ඉඩ ඇති (inter layers) සිදුරු සහිත ඝන ද්‍රව්‍යක් තුලය රිංගවා ප්‍රවාහනය කර අදාල ස්ථානයේදී හයිඩ්‍රජන් මුදා ගැනීමයි. එසේම ශාකමය ද්‍රව්‍ය හෝ ග්ලූකෝස්, එන්සයිම මාර්ගයෙන් හයිඩ්‍රජන් නිපදවීමේ ක්‍රියා වලියක් ගැනද දැන් දැන් අසන්නට ලැබේ. තිරසාර හයිඩ්‍රජන් නිපදවීමේ ක්‍රම ලෙස මෙම දෙක පිළිඹඳව අප මහත් බලාපොරොත්තු තබා ඇත. නමුත් මේ සඳහා ස්ථිර ක්‍රමයක් දැනට නොමැත.  හයිඩ්‍රජන් නිපදවීමේ ක්‍රම හා හයිඩ්‍රජන් තැම්පත් කර ගැනීමේ ක්‍රම පිළිඹඳව දැන් දැන් ඉතා අවශ්‍යතාව ඇති අතර අවධානයද යොමුවෙමින් පවතී. බිලියන ගණන් ඒ සඳහා ආයෝජනය කරන අතර දැන් දැන් හයිඩ්‍රජන් ඉන්ධන-කෝෂ වලින් දුවන වාහන හා උපාංග ද කරළියට පැමිණ තිබේ. GM, Honda, Toyota, Nissan ආදී ප්‍රමුඛ මෝටෝ රථ සමාගම් 2009 වසර සඳහා හයිඩ්‍රජන් ඉන්ධන-කෝෂ වලින් දුවන වාහන වගේම මුහුන් වාහන (hybrid) ද නිපදවා තිබේ.මෙම රූපයේ ඇති Honda වාහනයට ඉන්ධන-කෝෂ වලින් ජවය සැපයෙන් අතර මාදිලිය FCX Indy 2008 වසර වේ. මෙම ඉන්ධන-කෝෂ-වාහන සඳහා දැනට යටිතල පහසුකම් ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පමණක් වන අතර මේ වන විට එම ප්‍රාන්තයේ පමණක් මෙම ඉන්ධන-කෝෂ-වාහන අලවියට ඇත.

හයිඩ්‍රඩන් නිපදවීමේ තිරසාර ක්‍රමයක් ලෙස වාෂ්ප පිළිසැකසීම (Steam reforming) හැඳින්වි හැක. වාෂ්ප ‍ක්‍රමයේදී එතනෝල්(C2H5OH) හෝ මෙතනොල් (CH3OH) හා ජල වාෂ්ප (H2O) එකිනෙක ක්‍රියාකර විශෘල වශයෙන් හයිඩ්‍රජන් (H2) හා CO2 සාදයි. ඉරිඟු වැනි ශාක ද්‍රව්‍ය වලින් ලබා ගන්නා ඇල්කොහොල මේ සඳහා භවිතා කරණ තුරු වාෂ්ප පිළිසැකසීමෙන් පිටවන CO2 පරිසර හිතකාමී ය. මෙයින් ලැබෙන හයිඩ්‍රජන්, ඉන්ධන-කෝෂ සඳහා භාවිතා කරන්නට පුළුවනි. මෙම වාෂ්ප පිළිසකසණය (Steam reforming reactor) හා ඉන්ධන-කෝෂය එක ඒකකයක් ලෙස සැකසීමට හැකිනම් මෙම ක්‍රමය ඉතා පහසුවෙන් වාහන වල භාවිතා කළ හැක. එවිට ඉන්ධන සඳහා අවශ්‍ය වන්නේ ජලය හා එතනෝල් පමණි. මෙම මෙහිදී ඉන්ධන-කෝෂයෙන් ජල වාෂ්පත්, වාෂ්ප පිළිසකසණයෙන් CO2 ත් පරිසරයට මුදා හැරේ. මෙම වාෂ්ප පිළිසැකසීමේ ක්‍රමය ඉතාම පරිසර හිතකාමී ය.

කතා කරන ඉරිඟු 2
මේ “කථා කරන ඉරිඟු” ලිපි පෙළේ දෙවැන්න ය. මෙහි පළමුවැන්නෙහි සඳහන් වුනේ ඉරිඟු වලින් ඇති ප්‍රයෝජන හා එය ලෝකයේ අර්ථිකයට ඇති බලපෑම ගැන ය. එහිදී අධිසාන්‍ද්‍ර ඉරිඟු පැණිය, සියයට සීයක්ම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් විශේෂයක් හා ඉරිඟු භාවිතයෙන් සාදන ජීවඉන්ධන ගැන ද කතා වුනා.

ලෝක බලශක්ති අර්බුදය කියන්නෙ දැන් දැන් කරළියට පැමිණ ඇති උණුසුම් මාතෘකාවක් ය. වත්මන් ලෝකයේ ප්‍රධාන බලශක්තිය සපයන මාර්‍ගය වන්නේ ඛණිජ තෙල් ය.  පොදුවේ ගත් කළ අපි මේවාට ෆොසිල ඉන්ධන යැයි කියමු.  ෆොසිල ඉන්ධන වලින් පැට්‍රල්, ඩීසල්, භූමි තෙල්, ලිහිසි තෙල් (ස්නේහක) වැනි ද්‍රව ද, තාර ප්ලාස්ටික් වැනි ඝණ ද, මෙතේන්, එතේන්, L. P. ගෑස් ආදී වායුන් ද විවිධ රසායනික ද්‍රව්‍ය ද නිපදවයි.  මීට අමතරව ගල් අඟුරු ද ෆොසිල ඉන්ධන ගණයට අයත් වේ. ප්‍රධාන වශයෙන් ‍ෆොසිල ඉන්ධන යොදා ගැනෙනුයේ බලශක්තිය නිපදවීමට ය.  ප්‍රධාන වශයෙන් ප්‍රවාහනයට ද විදුලිය නිපදවීම හා අනෙකුත් යන්ත්‍ර සූත්‍ර කියාත්මක කිරීමට ද ෆොසිල ඉන්ධන යොදා ගනී. නමුත් ලෝකයේ ෆොසිල ඉන්ධන ඇත්තේ සීමිත ප්‍රමාණයකි.  දැනට ගණනය කර ඇති අන්දමට ෆොසිල ඉන්දන ඉතිරිව ඇත්තේ තව අවුරුදු පනහකට සරිලන ප්‍රමාණයකි.  අද අප මුහුණ දෙන පරිදි දිනෙන් දින ඉන්ධන මිල ඉහල යන්නේ (මැදපෙරදිග දේශපාලන අර්බුදය හැරුණු කොට) මැදපෙරදිග රටවල් ඉන්ධන නිපදවීම සීමා කිරීමය. ඇන්ටක්ටිකාවේත්, ඇමරිකාවේ කැලිෆෝනියා වෙරළ තීරයේත්, ෆ්ලොරිඩා වෙරළ තීරයේත් ඉතා විශාල වශයෙන් තෙල් නිධි ඇතැයි අනුමාන කරන අතර යම් යම් නීති රෙගුලාසි හා පරිසර ප්‍රශ්ණ හේතු කොට ගෙ‍න මෙම ප්‍රදේශ වල කැණීම් සිදු නොවේ. කෙසේ වෙතත් ෆොසිල ඉන්ධන මත තිරසාර බලශක්තියක් ලෙස විශ්වාසය තැබීම කළ නොහැකි බව ඔප්පු වී හමාර ය.

එසේ නම් තිරසාර බලශක්ති සඳහා කුමක් භාවිත කළ හැකි ද? වඩාත්ම හරිත (greenest) හා තිරසාර (sustainable) බලශක්ති ප්‍රභවය නම් සූර්ය ශක්තිය යි. මේ සඳහා සූර්ය ශක්තිය විදුලිය බවට පරිවර්තනය කිරීමත් ගබඩා කිරීමත් කළ යුතු වේ. සූර්ය ශක්තිය විදුලිය බවට පත් කෙරෙන්නේ සූර්ය කෝෂ වලින් වන අතර ගබඩා කෙරෙන්නේ විදුලි කෝෂ වල ය. අද පවතින තාක්‍ෂණය යටතේ නිපදවා ඇති සූර්ය කෝෂත්, විදුලි කෝෂත් එතරම් කාර්‍ය්‍යක්ෂම නැත. අප සාමාන්‍යයෙන් සූර්ය කෝෂ කියන්නේ සිලිකන් අර්ධ සන්නායක භාවිතයෙන් නිපදවූ කෝෂ (silicon-based photovoltaics)‍ වලටය. සාමාන්‍ය අර්ධ සන්නායක සූර්ය කෝෂයකින් උකහා ගන්නේ එයට ලැබෙන සූර්ය ශක්තියෙන් 12% පමණි. දැනට 28% පමණ අගයකින් යුතු සූර්ය කෝෂ ද වෙළඳ පොළේ ඇති අතර ඒවා ඉතාම මිල අධික ය. මෙම අර්ධ සන්නායක සූර්ය කෝෂ වල කාර්ය්‍යක්ෂමතාව වැඩි කිරිම සඳහා විශාල වශයෙන් මුදල් ආයොජනය කරන අතර විශාල පර්යේෂණ ප්‍රමාණයක් ලහි ලහියේ සිදු කෙරේ. පසුගිය වසරේ දී Applied Physics Letters සඟරාවේ 38% කාර්ය්‍යක්ෂමතවකින් යුතු සූර්ය්‍ය කෝෂයක් වර්තා විය. තව අවුරුදු දහයක් ඇතුලත මෙම අගය 58% දක්වා වැඩි වේ යැයි අනාවැකි පළ කර ඇත. නමුත් තිරසාර භාවිතයක් උදෙසා අඩුම වශයෙන් 85% ක වත් කාර්ය්‍යක්ෂමතාවකින් යුතු සූර්ය කෝෂ තිබිය යුතුය. තවද මෙම සූර්ය කෝෂ වල නිෂ්පාදන වියදම අධිකය. දිනෙන් දින දැවෙන ඉන්ධන අර්බුදය හමුවේ මෙම අර්ධ සන්නායක සූර්ය කෝෂ භාවිතය බලශක්ති අර්බුදයට කෙටි කාළීන විසඳුමක් නොවන අතර වත්මන් අර්ධ සන්නායක සූර්ය කෝෂ බලශක්ති අර්බුදයට තිරසාර විසඳුමක් නොවේ යැයි විවිධ මත පලවී තිබේ.

සොබාදහමේ සොඳුරු නිපයුමක් වන ශාක වල ඇති හරිතප්‍රද සූර්ය ශක්තිය සියයට සියයක්ම පාහේ ප්‍රභා සංස්ලේශණය සඳහා ප්‍රයෝජනයට ගනී.  මෙම හරිතප්‍රද, Chlorophyll, ප්‍රධාන අණුවේ ඇති පෝෆ්රින් (porphyrin) අණුව හා ඒ සමාන අණු භාවිතා කර සූර්ය ශක්තිය විදුලිය බවට පත් කිරීමේ ක්‍රම පිළිඹඳ ‍පර්යේෂණ දැන් දැන් ලොව පුරා සීග්‍රයෙන් සිදු කෙරේ. මෙම අණු ආලෝකය නෙළා ගන්නා අණු (light harvesting molecules) ලෙස හැඳින්වේ. තවද කෘත්‍රිම ප්‍රභාසංස්ලේශණ සෛල (photosynthetic cells) හා ප්‍රභාවිද්‍යුත් අණු (photovoltaic molecules) මගින් ද සූර්ය ශක්තිය නෙළා ගැනීම සඳහා දැන් දැන් පර්යේෂණ සිදු කෙරෙමින් පවතී. දැනට ප්‍රාථමික පර්යේෂණ මට්ටමේ පවතින මෙම සූර්ය ශක්තිය නෙළා ගන්නා ක්‍රම පිළිඹඳව ඉදිරියේ දී අපට මහත් විශ්වාසයක් තැබිය හැක. මෙම නව කාබනික සූර්ය කෝෂ නම්‍යශීල බව, සැහැල්ලු බව හා විවිධ වර්ණයන් ගෙන් යුතු වීම ආදී ගුණාංග නිසා සාම්ප්‍රදායික සූර්ය කෝෂ වලට වඩා ඉදිරියෙන් සිටී. තවද නැනෝ තාක්ෂණය භාවිතයෙන් ද සූර්ය ශක්තිය නෙළා ගන්නා උපාංග ද දැන් දැන් කරළියට පැමිනෙමින් තිබේ. කෙසේ වෙතත් නුදුරු අනාගතයේ දී මෙම කාබනික සූර්ය කෝෂ නොසෑහෙන මෙහෙවරක් ඉටු කරාවි. ‍

See you in September
Now we are having a nice warm summer down here in Mississippi. Here, summer starts in May and ends in August. Normally most of the students go home to see their parents or do a summer jobs. Summer is the fun time for kids because they don’t have school for whole three months. All students come back to school again in September again.

<object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/QRGLjzFHa40&hl=en&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><embed src="http://www.youtube.com/v/QRGLjzFHa40&hl=en&fs=1" type="application/x-shockwave-flash" allowfullscreen="true" width="425" height="344"></embed></object>

I’ll be alone each and every night

While you’re away, don’t forget to write

See you in September

See you when the summer’s through

Here we are

Saying goodbye at the station

Summer vacation

Is taking you away

Have a good time but remember

There is danger in the summer moon above

Will I see you in September

Or lose you to a summer love

(counting the days ’til I’ll be with you

counting the hours and the minutes, too)

Have a good time but remember

There is danger in the summer moon above

Will I see you in September

Or lose you to a summer love

<object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/_pSjqcSQOvY&hl=en&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><embed src="http://www.youtube.com/v/_pSjqcSQOvY&hl=en&fs=1" type="application/x-shockwave-flash" allowfullscreen="true" width="425" height="344"></embed></object>

කතා කරන ඉරිඟු
අද ඉරිඟු ගැන තමයි කථා කරන්න යන්නෙ. වම් අත පැත්තේ ඇති දසුණ නම් අපට හුඟක් හුරු පුරුදුයි නේ. ලංකාවෙ අපි නම් ඉරිඟු ඉඳල හිටල තමයි ආහාරයක් විදිහට ගන්නෙ.  නමුත් ඉරිඟු කියන්නෙ ලෝකයේ සහල්, තිරිඟු පමණටම විශාල ප්‍රමාණයකින් නිශ්පාදනය කරන භෝගයක්. ලෝකයේ ඉරිඟු නිශ්පාදනයෙන් දළ වශයෙන් සියයට හතලිහක්ම නිපදවන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වන අතර එය වසරකට මෙට්‍රික් ටොන් මිලියන 300 පමණ වෙනවා. කෝන් (Corn), මේයිස් (Maize) යනුවෙන් ඉරිඟු හඳුන්වන අතර එහි උද්භිද විද්‍යාත්මක නාමය  Zea mays L. වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ අයෝවා, ඉලීනොඉස් හා මිනසෝටා යන ප්‍රාන්ත වල සියයට පනහකට වැඩියෙන් වගා කරන්නේ ඉරිඟු ය. මේ හැරුනු කොට ඉන්දියානා, ඔහායෝ, විස්කොන්සින්, සවුත් ඩෙකොටා, මිචිගන්, මිසූරි, කැන්සාස් හා කෙන්ටකි යන ප්‍රාන්ක වලද ඉරිඟු බහුල ලෙස වගා කෙරෙන අතර මෙම ප්‍රාන්ත අයත් භූමි තීරය ‘ඉරිඟු පටිය’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වේ.

විවිධ මුහුන් ඉරිඟු වර්‍ග (Hybrid maize) ඇති අතර ඒවා විවිධ අවශ්‍යතා සඳහා භවිතා කරයි. ස්වීට් කෝන් කියන වර්‍ගය තමයි අපි තම්බා අහාරයට ගන්නෙ. තවද බේබි කොන් කියන ඉරිඟු වර්‍ගය අඟලක් පමණ දිගින් යුතු අතර එය නූඩ්ල්ස්, පැස්ටා වැනි අහාර පිසීමේදී එළවළු මිශ්‍රණය සඳහා යොදා ගනී. මේවාට අමතරව ඉරිඟු පිටි (corn flour) සඳහා එක් වර්‍ගයක් ද, සත්ව ආහාර (livestock feed) සඳහා තව මුහුන් ඉරිඟු වර්‍ගයක් ද යොදා ගනී.

ඇමරිකාවේ නිපදවන ඉරිඟු වලින් 50% කට වැඩි කොටසක් සත්ව ආහාර සඳහා යොදා ගනී. ඉතිරි කොටසින් මෙහි හරි හරි දෑ කෙරෙයි. 20% පමණ අපනයනය කරන අතර 5%ක ප්‍රමාණයක් ආහාර ලෙසද, තවත් 4% පමණ ප්‍රමාණයක් High-fructose corn syrup (HFCS), උකු ඉරිඟු පැණි නැමති ස්වභාවික සීනි ද්‍රාවණය සදා ගැනීමට භාවිතා කරයි. වත්මන් ඇමරිකාවේ විශේෂයෙන් සිසිල් බීම (කොකා-කොලා, ස්ප්‍රයිට්, ෆැන්ටා අදී බීම වර්‍ග) ඇතුළු අනෙකුත් අහාර ද්‍රව්‍ය වලට HFCS බහුලව යොදා ගනී. ඉරිඟු වල සුලභ බවත් උක් සීනි හා බීට් සිනි වල නිශ්පාදන පිරිවැයත් සලකා බලන විට  HFCS භාවිතය ඉතා ලාබදායී වේ. මෙම HFCS ඉරිඟු පැණිය, තෙලිජ්ජෙන් පැණි ගන්නා සේ ස්වාභාවික ක්‍රමයක් වන අතර රසකාරක හෝ සැකරීන් වැනි කෘත්‍රිම ද්‍රව්‍ය සමග පටලවා නොගත යුතුය.

තවද ඉරිඟු වලින් මෙහි වැදගත් කාරියක් කෙරේ. ඒ කිමෙක් ද යත්, සියයට සියයක්ම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි, ස්වභාවිකව දිරා යන ප්ලාස්ටික් විශේෂයක් ඉරිඟු ආධාරයෙන් නිපදවීමයි. සිලි සිලි බෑග්, වතුර බෝතල්, විනිවිද පෙනෙන ආහාර ඇසුරුම් පෙට්ටි ආදී විවිධ එදිනෙදා අවශ්‍යය වන ප්ලාස්ටික් දැන් දැන් ඉරිඟු ප්ලාස්ටික වලින් නිපදවනු පෙනේ. මෙයට අමතරව මෙම තාක්‍ෂණයම යොදා ගෙන නූල් ද (නයිලොන් වැනි) සාදායි. මෙම ක්‍රමවේද ඉතාම පරිසර හිතකාමී වේ.

දැන් කරළියට එන තවත් වැදගත් ඉරිඟු වලින් ගෙනෙන ප්‍රයෝජනයක් තමයි එතනොල් (මධ්‍යසාර) නිපදවීම. ඉතාම ඉක්මණින් ක්‍ෂය වන ෆොසිල ඉන්ධන හමුවේ විකල්ප බලශක්කි විශේෂ දැන් දැන් ලෝක ප්‍රජාවගේ අවධානය ඩැහැගනිමින් සිටී. දැවෙන ෆොසිල ඉන්ධන වලින් සිදුවන පාරිසරික බලපෑමත්, ජීව-ඉන්ධන වල පරිසර හිතකාමී බවත් නිසා ජීව-ඉන්ධන නිශ්පාදනය හා භාවිතය හිස ඔසවමින් සිටී. නිශ්පාදන පිරිවැය ද තවත් සාධකයකි. ඉඩක් ලදොත් ජීව-ඉන්ධන ගැන වැඩි දුර විසිතුරු විස්කම් පසුවට කියන්නම්. දැනට මුළු වසරක ඉරිඟු නිශ්පාදනයෙන් 20% පමණ එතනොල් නිපැයුමට යොදා ගනී. මෙය ඉදිරි වසර 10 තුල 100% වැඩි වීමක් අපේක්‍ෂා කෙරේ.  වත්මන් බ්‍රසීලය හි 50% වැඩියෙන් වාහන දුවන්නේ ඉරිඟු භාවිතයෙන් සාදන ලද එතනොල් වලිනි.

මෙම ජීව-ඉන්ධන වලට එහි පරිසර හිතකාමී බව හා එය ඉතාම ලාභ උපයන නිශ්පාදන වීම නිසාම දැන් දැන් සැවොම ඒදෙසට ඇදෙනු පෙනේ. එනම් බහුල වශයෙන් ජීව-ඉන්ධන සඳහා භෝග වගා කරනු පෙනේ. මෙතෙක් තම රටෙහි තිරිඟු, ඉරිඟු, හාල්, පරිප්පු ආදී භෝග අතිරක්තය අපනයනය කෙරුණු ඇමරිකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායාලන්තය හා වියට්නාමය වැනි රටවල් එම අතිරික්තය වගා නොකර, තම රටට සරිලන පමණට වගා කර ඉතිරි භූමියෙහි ඉරිඟු, සොයා වැනි ජීව-ඉන්ධන නිපදවිය හැකි භෝග වගා කිරීමට පෙළඹීමයි. එය මෙම රටවලට අර්ථික වශයෙන් ඉතා වාසි දායකය. ෆොසිල ඉන්ධන මැද පෙරදිගින් ආනයනය කරනවාට වඩා ජීව-ඉන්ධන තම රටෙහි වාවා ගත හැකිනම් මෙම රටවලට බලශක්තිමය වශයෙන් ස්ථාවර විය හැක. නමුත් මෙය ලෝත ආහාර අර්බුදයක පෙර නිමිත්තකි. අප රට වැනි සැමදේ පිටින් ගේන රටවලට අහෝ හාලුත් නැත, පානුත් නැත, පරිප්පුත් නැත, ඉන්ධනත් නැත. දැන්වත් නොවැව්වොත් අපි මකර කටේ.

ගාථාවන්ගේ නිධානය කුමක් ද
ටික කලෙකට උඩදි දිවයින පත්තරේ පළවුනා පාතේගම ඤාණීස්සර හිමියන්ගේ ලිපියක්. මට මතක විදිහට බදාද ශාස්ත්‍රීය අතිරේකයේ තමා පළවුනේ. හැම බදාදටම නොවරදවා මම අතිරේකය කියවමි. දුරුරට ඉන්න අපට රසාඥතාවය වර්ධනය කරගන්න එය මහත් රුකුළක් වෙනවා. ඒ ලිපියට පාදක වෙලා තිබුනෙ බුදුරදුන් වදාළ ත්‍රිපිටකයේ ඇති කාව්‍යමය ස්වරූපය පිළිබඳව. වියුණු අවකාශයේ ත්‍රිපිටකය ඇති වියුණු අඩවියට ගොස් ටිකක් සොයා බැලුවා මේ ගැන. අපි කවුරුත් දන්න විදහට ත්‍රිපිටකයෙහි සංයුක්ත නිකායේහි අඩංගු වන්නෙ බුදුරදුන් වදාළ කුඩා සූත්‍ර. කෙතරම් කුඩාද යත් සමහර සූත්‍ර වල අඩංඟු වන්නෙ ප්‍රශ්න ගාථාව හා පිළිතුරු ගාථාව පමණයි. පාළි යෙන් ගාථා කියන්නේ කවි වලට කියල තමයි පාතේගම ඤාණීස්සර හිමියන්ගෙ අදහස. මම මේ අතුරින් සූත්‍ර හතරක් තෝරා ගත්තා ඉදිරිපත් කරන්න. මේ හැම සූත්‍රයක්ම පටන් ගන්නේ “මා විසින් මෙසේ අසන ලදී…” ආදී ලෙස වන අතර සූත්‍රය ගාථා දෙකකින් සමන්විත වන අතර පළමු ගාථාව දෙවියකු අසන ප්‍රශ්නය ද, දෙවනි ගාථාව භාග්‍යවතුන් වසන්සේ ‍දෙසන පිළිතුර වේ. ‍මෙහි සිංහල තේරුමෙහි එතරම් කවි බවක් දක්නව නොලැබෙන අතර පාළි ගාථා වල අර්ථ ව්‍යංජන සහිතව කව්‍ය ලක්‍ෂණය වැගිරෙන බවයි මගේ අදහස. සිංහල තේරුම ගැන සිතන විට පාළි ගථාවන්ගේ කවි බව ගැන කුමන කථා ද? ත්‍රිපිටකයෙහි සංයුක්ත නිකායේහි දේවතා සංයුක්තයෙන් උපුටා ගන්නා ලද පහත සඳහන් සූත්‍ර හතර ‍මම හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා ඉදිරිපත් කරමි.

1) දේවතා සංයුක්තයේ ජරාවග්ග යේ කවි සූත්‍රය මෙසේ ය.

මා විසින් මෙසේ අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටාණන් කරවන ලද දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙන කල, රෑ පෙරයම ප්‍රභාමත් ශරීර වර්ණ ඇති එක් දෙවියෙක් මුළු දෙව්රම බබුළුවා ගෙන අවුත් එකත් පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට ගථාවෙන් මෙසේ කීහ,

කිංසු නිදානං ගාථනං              ගාථාවන්ගේ නිදානය කුමක් ද?

කිංසු තාසං ව්‍යංජනං               ඒවායේ ව්‍යංජනය කුමක් ද?

කිංසු සන්නිස්සිතා ගාථා           ගාථාවෝ ඇසුරු කොට පවතින්නේ කුමක් ද?

කිංසු ගථානමාසයෝ               ගාථාවනට ආධාර වන්නේ කුමක් ද?

චන්දො නිදානං ගාථානං        ඡන්දස ගාථාවන්ට හේතුවයි

අක්ඛරා තාසං ව්‍යංජනා          අක්ෂර ඒවායේ ව්‍යංජනයි

නාමසන්නිස්සිතා ගථා            නාමයන් ගාථාවෝ ඇසුරු කොට පවතී

කවි ගථානමාසයෝ               කවියා ගාථාවනට ආධාර වේ.

2) දේවතා සංයුක්තයේ ජරාවග්ග යේ වත්ථු සූත්‍රය මේ ආකාරයි.

කිංසු වත්ථු මනුස්සානං           මිනිසුන්ට පිහිට කුමක්ද?

කිංසු සධා පරමෝසඛා            උතුම්ම යහළුවා කවුද?

කිංසු භූතාප්‍රජාවන්තී              කුමක් ඇසුරු කොට ජීවත් වෙත්ද?

යේ පාණා පඨවිං සිතාති          යම් ප්‍රාණියෙක් පොළොවෙහි වෙසෙනා

පුත්තා වත්ථු මනුස්සානං         දරුවෝයි මිනිසුන්ට පිහිට

භාරියාවා පරමෝසඛා             භාර්‍ය්‍යාවයි උතුම්ම යහළුවා

වුට්ඨිං භූතාප්‍රජාවන්තී             වැස්ස ඇසුරු කොට ජීවත් වෙති

යේ පාණා පඨවිං සිතාති          යම් ප්‍රාණියෙක් පොළොවෙහි වෙසෙනා

3) දේවතා සංයුක්තයේ නන්‍දනවග්ග යේ නත්‍ථිපුත්තසම සූත්‍රය මේ ආකාරයි.

නත්ථි පුත්තසමං පේමං පුත්‍ර       පුත්‍ර ප්‍රේමය සරි වෙන ප්‍රේමයක් නැත

නත්ථි ගොසමිතං ධනං            ගව සම්පත සරි වෙන ධනයක් නැත

නත්ථි සුරියසමං ප්‍රභා              හිරු එළිය සරි වෙන එළියක් නැත

සමුද්දපරමා සරාති                  සමුදුර සරි වෙන විලක් නැත

නත්ථි අත්තසමං පේමං           තමා කෙරෙහි ප්‍රේමය බඳු ප්‍රේමයක් වෙන නැත

නත්ථි ධ්‍යනංසමං ධනං           ධ්‍යාන හා සරි වෙන ධනයක් නැත

නත්ථි පඤ්ඤාසමං ප්‍රභා          ප්‍රඥාව සරි වෙන එළියක් නැත

වුට්ඨිං වේ පරමා සරාති           වැස්ස සරි වෙන විලක් නැත

4) දේවතා සංයුක්තයේ සත්තිවග්ග යේ සර සූත්‍රය මේ ආකාරයි.

කුතෝ සරා නිවත්තන්තී           සංසාර කඳු රැළි කොතනක නවතී ද

කුත්තා වට්ටං නා වත්තතී         සංසාර දිය සුළි කොතනක නවතී ද

කුත්තා නාමාඤ්ච රූපඤ්ච        නාම රූප කොතනක

අසේසං උපරුජ්ඣතීති ‍            ඉතිරි නැතිව නැතිවේ ද

යත්තා අපෝ ච පඨවා තේජෝ වායෝ නා ගාධති

අතෝ සරා නිවත්තන්තී එත්තා වට්ටං නා වත්තතී

එත්තා නාමාඤ්ච රූපඤ්ච අසේසං උපරුජ්ඣතීති

ආපෝ තේජෝ පඨවි වායෝ ධාතූන් යම් තැනක නැති වේද

සංසාර කඳු රැළි ත් දිය සුළි ත් එතන දි නවතී ය

(ඒ නිවනෙහි) නාම රූප ‍ද ඉතිරි නැතිව නැති වේය

පැතම් දුර්ගය
විළිලන හීලෑ හැඟුමන් සොයමින්

යළි යළි මතකය දිව යයි අතීතෙට

අත් වැලට වාරු වී දිරිය ගෙන සිත් අගට

අතැ’ඟළි ගෙන අප පියමැන ගිය

ඒ මාවත අද වල් බිහි වී ඇත

අත් වැලත්, සූරිය මලත්

දනී දෑ අප තෙපුල් මිමිනූ

පඩි පෙළත්, තුඹ මලත්

කියයි අප ඇවිද ගිය සැටි

පැතුම් දුර්ගය මාන ‍නොපෙනුණ

නිමා කොට නියං සමය

සිත් නදී සීත දියවර රුගෙන

පසු කළෙමු අපි වංකගිරි මග

©සහන්

Think Twice
Last night, I read something that was very powerful and I want to share it with you guys.  Obviously, you can tell from the title it has to do with HAPPINESS.  Why in the world would I want to share ideas about happiness with you?

Here’s why! I just don’t see a lot of happy people around anymore.  I see people multitasking and not really taking any pleasure in any of the tasks.  I see people eating, drinking, talking on the telephone, putting on makeup, and combing their hair and do it all while driving in their cars. I see unhappy people on shopping malls, restaurants, bars, dancing clubs, even inside the school, shuttle, library, in lab, lecture classes. The thing is, people are not normally ‘get things as it is’, they want more, they need the attraction from everybody.

When it comes to happiness I’m still a work in progress. I want to share this idea with you in the hope that it may in some small way give you something to think about. It sure got me thinking! What one misses most today is the evidence of widespread personal determination to develop a character that will in itself, given any reasonable odds, make for happiness. Our whole emphasis is on the reform of living conditions, of increased wages, of controls on economic structure, more, more and more

The ingredients of happiness are so simple that they can be counted on one hand. Happiness comes from within, and rests most securely on simple goodness and clear conscience. Selfishness is its enemy; to make another happy is to be happy oneself. It is quiet, seldom found for long in crowds, most easily won in moments of solitude and reflection. It cannot be bought; indeed money has very little to do with it.

“To live content with small means; to seek elegance rather than luxury,

and refinement rather than fashion; to be worthy… to study hard, think

quietly, talk gently, act frankly; to listen to the stars and birds, to

babes and sages, with open heart; to bear all cheerfully, do all bravely,

await occasions, hurry never; in a word to let the spiritual, unbidden and

unconscious, grow up through the common.”  — by William Ellery Channing

Enjoy yourself, tell me what you think.

සුමුදු කුමුදක් පිපී
මට ඉතාම හිත් ගත් ගී පද මාලා විටින් විට වියුණු සටහෙන් තබන්නයි හිතාන ඉන්නෙ.  මෙම ගීතයෙ කථා නයකයා වන්නෙ පියාණන් කෙනෙක්.  ඉතාම හැඟුම් දනවන ආකාරයට ලියා ඇති මෙම ගීතයේ ගේය පද පාතේගම ඤාණීස්සර හිමියන් ගේ වන අතර ගායනය කරන්නේ මිත්‍ර කපුගේ.  මෙයට තනුව නිර්මාණය කර ඇත්තේ ගුණදාස කපුගේ වුවත් ‍ඔහුගේ අභාවයෙන් පසු තමා මෙම ගීතය සැකසෙන්නෙ.

සුමුදු කුමුදක් පිපී

පුරුදු සුවඳක් ගෙනේ

සොළොස් කළාපේ

සඳත් සිනාසේ මේ රාත්‍රි යාමේ

මං බාලේ උර තලයේ

රන්ඳා අනන්ත ආදරයේ

දුන්න ඔවා මට තාම ඇසේ රහසේ

පියාණනේ ////

ආශිර්වාද ඇසේ ලොවින්

නින්දා වරුසාවන් අතරේ

මට දැනුදු දැනේ ඔබේ අගේ දිවා රැයේ

නින්දා අබියස මහමෙර වන් පියාණනේ

මල්මාලා ගෙලට වැටේ

අවමන් වරුසාවන්  අතරේ

මට දැනුදු ඇසේ ඔබේ අගේ දිවා රැයේ

අවමන් අබියස නොසැළී උන් නුඹේ සෙනේ

<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" width="425" height="349" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="wmode" value="transparent" /><param name="src" value="http://www.youtube.com/v/jYvrtf-EeY4&hl=en&border=1" /><embed type="application/x-shockwave-flash" width="425" height="349" src="http://www.youtube.com/v/jYvrtf-EeY4&hl=en&border=1" wmode="transparent"></embed></object>

මේ මා වස් කාලය යි
මේ මා වස් කාලය යි

දුවන වැහි වලට තෙත බරිත වී

ළිඳ ගාව ඉද්ද ගහේ මල්

හිනැහේ වැහි බිඳු වලට

මිහිරි උදයේ නැවුම් සුළඟින්

මුහුව ඔබේ සුවඳ

නෙතු කැළුම් සමග

හාදු දෙයි නගුල් තරු එළියට

බලා ඉමි නෙත් අයාන

නුඹේ රුව දෙසම මම

සහස් සුවහසක් වර

රළක් සේ නැගී එන

නොහිමි අම හැඟුම් මැද

©සහන්